Monday, November 18, 2024

හෙද වැඩවැරුම දුර දිග යයි. කුලියාපිටියේ වාට්ටුත් වැහෙයි.

Must read

වයඹ පළාත් සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ලබාදී ඇති බව කියන අවිධිමත් ස්ථාන මාරුවීම් වහා අවලංගු කරන්නැයි ඉල්ලමින් වයඹ පළාත තුළ පිහිටි රජයේ රෝහල්වල හෙද හෙදියන් විසින් ආරම්භ කර ඇති වැඩවර්ජනය හේතුවෙන් රෝහල් ගණනාවක දෛනික කටයුතු දැඩි ලෙස අඩපණ වී තිබේ.

මෙම වැඩවර්ජනය හේතුවෙන් දැඩි බලපෑම් එල්ල වී ඇත්තේ කුලියාපිටිය මූලික රෝහලටය. එහි සේවයේ නියුතු 120 දෙනෙකුට අධික හෙද හෙදියන් පිරිසක් වැඩවර්ජනයට එක් වී සිටීම නිසා එහි වාට්ටු ප‍්‍රතිකාර, සායන ඇතුලූ දෛනික රෝහල් කටයුතු ගණනාවක කටයුතු මේ වන විට සම්පූර්ණයෙන්ම ඇණ හිට තිබේ. හෙද වැඩවර්ජනය හේතුවෙන් කුලියාපිටිය රෝහලේ වාට්ටු ගණනාවක් වසා දමා බරපතල තත්වයේ පසු වූ රෝගීන් කුරුණෑගල ශික්ෂණ රෝහල වෙත මාරුකර යැවීමට රෝහල් බලධාරීන් විසින් කටයුතු කර තිබේ. ඒ හේතුවෙන් කුලියාපිටිය මූලික රෝහලේ බොහෝ වාට්ටු මේ වන විට ජනශුන්‍යව පවතින අතර ඒවායෙහි දැක ගත හැකි වන්නේ හිස් ඇදන් පමණි.

නේවාසික රෝගීන් 400 ක් ඇතුඵව දිනකට රෝගීන් දහසකට අධික පිරිසකට ප‍්‍රතිකාර සපයන බව කියන කුලියාපිටිය මූලික රෝහල තුළ වන විට නේවාසික ප‍්‍රතිකාර ලබමින් සිටින්නේ පනහකට ආසන්න රෝගීන් පිරිසක් පමණක් බවද රෝහල් ආරංචි මාර්ග කියයි.

කුලියාපිටිය දිනේෂ් උපේන්ද්‍ර

kuho6 kuho7 video-1441458477.mp4 [High quality and size] video-1441458477.mp4 [High quality and size] video-1441458477.mp4 [High quality and size] video-1441458477.mp4 [High quality and size] video-1441458477.mp4 [High quality and size] video-1441458477.mp4 [High quality and size]

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article