Sunday, January 19, 2025

‘හිරු‘ට එරෙහිව රාහුල් පොලිසි යයි.

Must read

hiru_ newsතමන් විසින් පටිගත කරනු ලැබූ ප්‍රවෘත්ති දර්ශන කිහිපයක් තමාගේ කිසිදු අවසරයකින් තොරව ප‍්‍රවෘත්ති විකාශයට යොදාගත් බවට බවට චෝදනා කරමින් මාධ්‍යවේදි රාහුල් සමන්ත හෙට්ටිආරච්චි මහතා විසින් හිරු රූපවාහිනී ආයතනයට එරෙහිව හම්බන්තොට පොලිසියට (23 දා) අද පැමිණිලි කළේය.

දකුණු පළාත් අමාත්‍ය ඩී.වී. උපුල් මහතා විසින් පසුගියදා තංගල්ල කුඩාවැල්ල කාර්යාලයේදී පැවැත්වූ මාධ්‍ය හමුවේදී තමන් විසින් පටිගත කළ දර්ශන හිරු රූපවාහිනිය මගින් අයථා ලෙස ලබාගෙන ප‍්‍රචාරය කර ඇති බව රාහුල් සමන්ත හෙට්ටිආරච්චි මහතා විසින් හම්බන්තොට පොලිසියේ අපරාධ විමර්ශණ ඒකකය වෙත කළ පැමිණිල්ලෙහි සදහන් වෙයි.

එම මාධ්‍ය හමුව සඳහා හිරු මාධ්‍ය ජාලය නියෝජනය කරන කිසිදු මාධ්‍යවේදියෙකු සහභාගි නොවූ නමුත් එදින රාත්‍රි හිරු ප‍්‍රවෘත්ති විකාශය තුළින් අදාළ මාධ්‍ය සාකච්ඡාවේ දර්ශන විකාශය වූ බවත් පවසන රාහුල් සමන්ත හෙට්ටිආරච්චි මහතා එම දර්ශන තමා පටිගත කළ දර්ශනවලට බෙහෙවින් සමාන බවයි.

අදාල දර්ශන පිළිබඳව විද්‍යාත්මක පරීක්ෂණයක් සිදුකොට ප‍්‍රචාරය කර ඇත්තේ තමාගේ දර්ශනදැයි සොයාබලා තමාට සාධාරණය ඉටුකරන ලෙස රාහුල් සමන්ත මහතා සිය තම පැමිණිල්ලෙන් ඉල්ලා සිටී.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article