Sunday, January 19, 2025

හාමුදුරුවෝ ගස් බැද පන්සලට සුද්දයක් දෙන්න හදලා !

Must read

templeනාරම්මල, මැටියගනේ මයුරාවතී රජමහා විහාරස්ථානයට කඩා වැදී එහි වැඩ වාසය කළ හිමි නමක් හා ඇබිත්තයෙකු ගස් බැද විහාරස්ථානය මංකොල්ලකෑමට උත්සහ කළ බව කියන සැකකරුවන් පස් දෙනෙකු කුලියාපිටිය කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිළධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.

පසුගිය දිනෙක මයුරාවතී රජමහා විහාරයට මෝටර් රථයකින් සහ යතුරුපැදියකින් පැමිණි මෙම පිරිස බලහත්කාරයෙන් විහාරස්ථානයට ඇතුලු වී එහි සිටි හිමි නමක් හා උපස්ථායකයෙකුගේ කටට පැලැස්තර ගසා ගස් බැද තිබේ. අනතුරුව විහාරස්ථානය පීරමින් එහි ඇති රන් පිළිම සොයා ඇතත් අවසානයේ හමු වූ රන් පිළිමයක් නොමැති වීම නිසා නිසා හිමි නමගේ සහ උපස්ථායකගේ ජංගම දුරකථන දෙකද පැහැරගෙන පලා ගොස් තිබේ.

මේ පිළිබදව පරීක්ෂණ ආරම්භ කළ කුලියාපිටිය කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් මෙම කොල්ලකෑමට සම්බන්ධ බවට සැකපිට මිනුවන්ගොඩ, නිල්පනාගොඩ හා සීදූව ආදී ප‍්‍රදේශවල පදිංචි සැකකරුවන් පස්දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබූහ. මෙම පිරිස මංකොල්ලකෑම සදහා පැමිණි යතුරුපැදිය සහ මෝටර් රථයද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර පැහැරගෙන ගිය ජංගම දුරකථන දෙකද අසළ වැවකට විසිකරදමා ගොස් තිබියදී පොලිසිය විසින් සොයාගෙන තිබේ.

කුලියාපිටිය පොලිස් අධිකාරී කපිල කඩුපිටිය, සහකාර පොලිස් අධිකාරී හීන්කෙන්ද යන මහත්වරුන්ගේ උපදෙස් මත කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක කමල් රත්නායක මහතාගේ මෙහෙයවීමෙන් උප පොලිස් පරීක්ෂක වික‍්‍රමනායක, පොලිස් සැරයන් (20626 ) පියරත්න, (33604) සෙනවිරත්න, (22503) සිසිර, කාන්තා පොලිස් සැරයන් (4133) කස්තුරි, පොලිස් කොස්තාපල් (7015) ෆැන්සිස්, (32644) කරුණාරත්න, (49077) ආනන්ද, (57897) රොහාන්, (35826) වීරසේකර, (53310) මහින්ද, (37525) චමිල, (53311) ප‍්‍රියදර්ශන සහ පොලිස් කොස්තාපල් රියදුරු (2007) අනුර යන නිලධාරීහු විසින් සැකකරුවන් අත්අඩංගුවට ගත්හ.

කුලියාපිටිය – උපේන්ද්‍ර සේරසිංහ

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article