එක් දින යාත්‍රාවකින් ඈත දියඹේ මසුන් මැරිමට ගොස් යාන්ත්‍රික දෝෂයකට මුහුණ දි අතරමංන්ව සිටි යාත්‍රාවක් සමග එහි සිටි ධිවර කාර්මිකයන් දෙදෙනා තවත් ධිවරයින් පිරිසක් විසින් නාවික හමුදා වේ සහයෙන් නිරුපද්‍රිතව ( 27) දා රාත්‍රි ගොඩබිමට පැමිණියේය.
හලාවත අළුත්වත්ත ප්‍රදේශයේ පදිංචි විල්මට් ප්‍රනාන්දු මහතාට අයත් ‘සලා කුමාරි’ නමැති එක් දින යාත්‍රව පසුගිය 23 වන දින දවස හලාවත මෝය හරහා ඈත දියඹේ මසුන් මැරීමට ගොස් ඇතග පසු දින උදැසන වන විට යළි හලාවත මෝය හරහා ගොඩ බිමට පැමිණිය යුතුව තිබුණු බවත් එහෙත් යාත්‍රාවේ පිටත සවි කරණ එංජිම කන්දකුලිය ප්‍රදේශයේ වෙරළේ සිටි සැතපුම් 8 ක පමණ දුරදි කාර්මික දෝෂයකට ලක්ව අක්රි තත්ත්වයට පත්වි ඇති බවත් පුත්තලම සහකාර ධීවර අධ්යක්ෂ සරත් චන්ද්‍රනායක මහතා පවසන ලදී.
මේ අතර එම යාත්‍රාවේ සිටි එක් ධීවරයෙකු ගොඩ බිම පෙනෙන තැනක සිටි නිසා මුහුදසට පැන පිහිනා ගොඩබිමට ඒමට තැත් කරමින් සිටිය දි කන්දකුලියෙන් මුහුදු ගිය යාත්‍රාවක සිටි ධීවරයින් දෙදෙනෙකු විසින් දැක පිහිණමින් සිටි ධීවරයා තම යාත්‍රාවට ගෙන ගොඩබිමට ගෙනැවිත් ඇත.
සලාකුමාරි යාත්‍රාවේ හිමිකරු සිද්ධිය සම්බන්ධයෙන් කරුණු දක්වමින් මෙසේ පැවසූවේ තම යාත්‍රාට අත් වි ඇති අවිනිශ්චිත තත්ත්වය වහාම ධීවර අමාත්‍යාංශයට හා ශ්‍රී ලංකා නාවික හමුදාවට දැනුම් දි ඇති අතර පසුව ඔහු තවත් ධීවරයින් පිරිසකගේ ද සහයෙන් ඈත මුහුදට ගොස් අනතුරට ලක්ව නැංගුරම් ලා තිබු යාත්‍රාව සෙවිමේ මෙහෙයුමක නිරතවය සිටි ඇති බවයි.
ඒ වන විට ගැංගුර ලා තිබු යාත්‍රාවේ ලනුව කැඩි මුහුදේ පාවෙමින් තිබිය දි සොයා ගෙන බත්තලංගුණ්ඩුව මුහුදේදි හමුවි බත්තලම්ගුණ්ඩුව දුපතට ගෙනැවිත් නාවික හමුදාවේ සහයෙක් කල්පිටය ජැටිය වෙත ගෙනැවිත් පුත්තලම ධීවර කාර්යාලයට තම යාත්‍රාව හා එහි මසුන් හැරිමට ගිය දෙදෙනා පුත්තලම සහකාර ධීවර කාර්යාලය වෙත ඊයේ ( 27 දා ) රාත්‍රි බාරදුන් පසු යාත්‍රාව හා ධීවරයන් තමන්ට බාරදුන් බවයි.
මෙම යාත්‍රාවෙන් මසුන් මැරිමට ගොස් ඇත්තේ හලාවත අළුත්වත්තේ පදිංචි නිමල් ප්‍රනාන්දු ( 57) හා ආරච්චිකට්ටුවේ පදිංචි නිහාල් ප්‍රනාන්දු ( 62 ) යන මහත්වරුන්වේ. .
ඔගස්ටින් ප්‍රනාන්දු හලාවත.