හලාවත,මාදම්පේ සහ වෙන්නප්පුව ප්‍රදේශ වලින් කොවිඩ් ආසාධිතයින් 18 දෙනෙකු වාර්තා වී ඇති බව සෞඛ්‍ය අංශ සදහන් කරයි.
පසුගිය 08 වැනිදා ලැබී ඇති පී.සී.ආර්.වාර්තා අනුව මෙම ආසාධිතයින් හදුනා ගෙන ඇත.
හලාවත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ හලාවත ,වැල්ල,රජත උයන සහ මයික්කුලම යන ප්‍රදේශ වලින් ආසාධිතයින් 07 දෙනෙකු හදුනා ගෙන ඇත.එම ආසාධිතයින් අතර වයස අවුරුදු 01 යි මාස 09 ක කුඩා දරුවෙකුද වේ.
මාදම්පේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ කාක්කපල්ලිය – පම්බල ප්‍රදේශයෙන් කොවිඩ් ආසාධිතයින් 03 දෙනෙකු වාර්තා වී ඇත.ඔවුන් අතරද වයස අවුරුදු 02 යි මාස 09 ක කුඩා දැරිවියක් වේ.
වෙන්නප්පුව සෞඛ්‍ය වෙද්‍ය නිලධාරී කොට්ඨාසයේ කොලින්ජාඩිය ප්‍රදේශයෙන් කොවිඩ් ආසාධිතයින් 08 දෙනෙකු වාර්තා වී ඇත.ඔවුන් අතරද වයස අවුරුදු 04 ක කුඩා දරුවෙකු වේ.මෙම ආසාධිතයින් අතරින් එක් අයෙකු කොළඹ වරායේ සේවකයෙකු වේ.ඔවුන් එකම පවුලේ සාමාජිකයින් බව සෞඛ්‍ය අංශ සදහන් කරයි.
මේ අතර නාත්තන්ඩිය – කොස්වත්ත ප්‍රදේශයේ පදිංචි 73 හැවිරිදි අයෙකු කොවිඩ් වෛරසය ආසාධනය වීම හේතුවෙන් මිය ගොස් ඇත.එම අය වකුගඩු සහ දියවැඩියාව රෝගය සදහා රාගම ශීක්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින අතර තුර මිය ගොස් ඇත.මිය ගොස් ඇති අයගේ ආදාහන කටයුතු රාගමදී නීරෝධායන නීති අනුව සිදු කර ඇති බව සෞඛ්‍ය අංශ සදහන් කරයි.
ජුඩ් සමන්ත