කොරෝනා වෛරසය ආසාධනය වී ඇති රෝගියෙකු හමුවීම හේතුවෙන් හලාවත නගරයේ පිහිටි සමුපාකාර තොග වෙළද සැළ (සතොස) 26 වැනිදා සවස සිට වසා දැමීමට සෞඛ්‍ය නිලධාරීන් කටයුතු කර ඇත. සතොස හලාවත වෙළද සැලේ ගබඩා අංශයේ සේවය කර ඇති ඔහු හලාවත – මැරවල පදිංචි 33 හැවිරිදි අයෙකි.ආසාධිතයෙකු වාර්තා වීමත් සමග හලාවත සතොස අලවි සැලේ සේවය කරමින් සිටි සියළුම දෙනා නීරෝධායනයට ලක් කිරීමට කටයුතු කළ බවද හලාවත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යලය සදහන් කරයි.