Saturday, January 18, 2025

හලාවත වැල්ලේ 05 හැවිරිදි දරුවෙකු ඩෙංගු වැළඳීමෙන් මිය යයි

Must read

හලාවත  වැල්ල කොළණියේ ප්‍රෙද්ශයේ වයස අවුරුදු 05 ක දරුවෙකු ඩෙංගු වැළඳීමෙන් මියගොස් තිබේ.  මෙම දරුවා දෙසැම්බර් 08 වනදා මිගමුව රෝහලට ප්‍රතිකාර පිනිස ගෙනගොස් ඇති අතර එහිදී ඔහුට වෛරස් උණක් වැළඳී ඇති බවට නිගමනය කරමින් බෙහෙත් ලබාදුන් බවත් පසුවදා නැවතත් මෙම දරුවා හලාවත රෝහල ඇතුළත් කර දිනකින් පසු (12) වනදා  මියගොස් ඇත.
මිය ගිය දරුවා.

මව.
ජෝශල් මර්ලින් මැඩෝනා

දරුවාගේ මව –  ‘ උණ හැදුන පළමු දිනයේ රෝහලට ගියාම කිසිදු පරික්ෂණයකින් තොරව බෙහෙත් ටිකක් දුන්නා. ඒක බිව්වම අමාරු වු නිසා යළි පුද්ගලික වෛද්‍යවරයෙකුගෙන් බෙහෙත් ගන්න ගියාව එයත් උණනේ කියලා නිකම් පරික්ෂණයකින් තොරව බෙහෙත් ටිකක් දුන්නා.එක බීවාම හොදටම අමාරුවු පුතාව ආපසු හලාවත රෝහලට අරං ගියා.  උදේ වන විට දරුවා ඩෙංගු නිසා මැරුණා කීවා.රෝහලේ සමහර වෛද්‍යවරුන්ගේ වරදින් මගේ අසරණ දරුවා මිය ගියා.
එයාලයි මේකට වගකිව යුත්තේ යයි සිව් දරු මවක වන ජෝශල් මර්ලින් මැඩෝනා මහත්මිය කියයි.

බෙහෙත් බිව්වත් එදින රාත්‍රි පුතාට හොඳටම අමාරු උණා. මේ නිසා හලාවත රෝහලේ බෙහෙත් දෙන අතර අපේ ගමේ බෙහෙත් දෙන වෛද්‍යවරයා වෙත අරන් ගිහින් පෙන්වුවිට ඔහුත් දරුවාව බලලා. කිසිදු වෙනත් පරික්ෂණයකින් තොරව බෙහෙත් දුන්නා.
එක බිව්වත් පුතාට අමාරු වෙලා 12 දා රෑ පුතා වැසිකිලි යන්න ඕනෑ බව කිවා. ඊට කලින් ඔහුට ලේ යන්න ගත්තා. අපි වහාම හලාවත රෝහලට රැගෙන ගියා. ප්‍රාථමික සත්කාර ඒකකයේ දි පුතා දගලන්න වුණා. එවිට එතන හිටි වෛද්‍යවරයෙන් පුතාගේ දැගලිල්ලෙන් කෝපයට පත්ව මේ ළමයා දගයි පෙහර කිහිපයක් දිලා දරුවාව නිහඩ කරවන්න. අපට පරික්ෂා කරන්න.කියලා මට කිවා.‍ අසාධ්‍යය තත්ත්වයෙන් දගලන දරුවාට පහර දෙනන කිවත් මම එහෙම කළේ නැහැ.
අනෙක් වෛද්‍යවරුන් දරුවාව පරික්ෂා කළා. ලේ යාම නතර වුනේ නැහැ. උදේ වන විට දරුවා මිය ගියා. වෛද්‍යවරුන් කිවේ දරුවාට ඩෙංගු උණ වැළදිලා කියලයි. මේ දිනවල හලාවත ප්‍රදේශය පුරා සිඝ්‍ර ලෙසින් ඩෙංගු උණ පැතිරෙනවා. අපේ ගෙවල් ළගත් ඩෙංගු හැදිලා ප්‍රතිකාර ලබන කට්ටියක් ඉන්නවා. ඒ ගැන කිසිවකු ‍හෝ කිසිදු පියවරක් නැහැ.
ඩෙංගු රෝගය පැතිරි තිබිය දි උණ රෝගය වැළි ඇති ලෙඩෙක් බෙහෙත් ගන්න ආවාම වෛද්‍යවරුන් ලෙඩාගේ ලේ හෝ මුත්‍රා පරික්ෂා නොකර ප්‍රතිකාර ලබා දිම වරදක්.එහෙම කළා නම් මුල් අවස්ථාවේ දිම මගේ පුතාට ඩෙංගු වැළදි ඇති බව හොයා ගන්න තිබුණා. දරුවා මිය ගිය පසුවයි ඔහුට ඩෙංගු කියලා රෝහල කියන්නේ. දරුවාගේ පියා එනතෙක් අපට දරුවාගේ මෘත ශරීරය ලබා ගන්න බැරි වි ඇත. දරුවාගේ පියා මරණ පරික්ෂණයට එන තුරු පරික්ෂණ්‍ය කරන්න බැහැලු. ඉතින් දරුවාගේ පියා‍ එනතුරු අපි බලා ඉන්නවා. මෘත ශරිරය රෝහල් මෘතශරීරාගාරයේ තැන්පත් කර ඇත. මෙම මරණයට රෝහලේ ඇතැම් වෛද්‍යවරුන් වගකිව යුතුයි. මේ ගැන බලන්න කවුරුත් නැද්ද? යයි ද කිවාය.
එම දරුවාගේ පියා ‍ බහුදින යාත්‍රාවකින් ඈත ජාත්‍යන්තර මුහුදෙහි මසුන් මැරිමට ගොස් සිටින නිසා ඔහුගේ පැමිණිම සිදුවන තෙක් මිය ගිය දරුවාගේ මරණ පරික්ෂණ කටයුතු සිදු නොකර මෘත ශරීරය මේ වන විට රෝහල් මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.අයියා හා අක්කලා.

ඔගස්ටින් ප්‍රනාන්දු/හලාවත

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article