Sunday, January 19, 2025

හලාවත මෝයේ නැවතත් වැලි ගොඩගැසෙයි – ධීවරයින්ගේ ජීවිත අනතුරේ

Must read

viber-image-2019-03-27-17.41.24-1(2.06pm) මේ වනවිට හලාවත මෝය වැලි වලින් පිරී ඇති නිසා ධීවරයින් සිය ධීවර කටයුතු සිදුකරගැනීමට බාධා ඇති වී තිබෙන බව වාර්තා වේ. සිය යාත්‍රා මගින් මුහුදට පිවිසීමේදී හා නැවතත් පිටවීමේදී මෝය වැලි වලින් පිරීතිබීම අනතුරුදායක වන අතර මීට පෙර ධීවරයින්ගේ ජීවිත ද අනතුරට ලක්වී තිබේ.   මෙම තත්ත්වයට විසදුමක් ලෙස තාවකාලික දියකඩනයක් ඉදිකිරීමේ ව්‍යාපෘතියක් පසුගිය රජය විසින් ක්‍රියාත්මක කළ අතර එය ක්‍රියාත්මක කිරීමට ධීවර වරාය නීතිගත සංස්ථාව සහ වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව මැදිහත්ව හලාවත මෝය වැලි ඉවත්කර ධීවරයින්ට ධීවර කටයුතු සදහා මුහුදට යාමට පහසුව ලබාදෙන ලදී. එමෙන්ම මෙම ඉවත්වන වැලි  වලින් , වැලි කොට්ටා  පුරවා  දියකඩනයක් ඉදිකිරිම මෙම ව්‍යාපෘතියේ අරමුණ විය. එමෙන්ම  ව්‍යාපෘතිය සදහා  මුල්‍ය වියදම් සොයාගැනිමේ ක්‍රමවේදයක් ලෙස ඒ වනවිට ලන්දේසි ඇල හරහා ඒ අසල ගොඩගසා තිබූ  වැලි විකුණා මුදල් ලබාගැනීමටත්, තවත් කොටසක්  වරාය  නීතිගත සංස්ථාවට,වෙරළ සම්පත් අධිකාරියටත්  පොදු ධීවර සමිතියට ලබාදීමට එකගතාවයක්ද තිබී ඇත. කෙසේ නමුත් මේ වනවිට මෙම ව්‍යාපාතිය නවතා ඇති අතර වැලි කොට්ටා සහිත දියකඩනය තවමත් මුහුදට සම්බන්ධ කර නොමැති අතර එය තවමත් මෝය ආසන්න වෙරළේ පවතියි. ධීවරයින් පවසන්නේ මෙය   වගකීම් විරහිත ක්‍රියාවක් වන බවත් ව්‍යාපෘතිය අවසන් කර ඇත්තේ බලාපොරොත්තු වූ ආකාරයට නොවන බවත්ය. මේ වනවිට මෝය කට වැලි වලින් පිරී ඇති අතර ධීවරයින් ධීවර රස්සාව සදහා මුහුද යාම වෙනත් මාර්ග හරහා සිදුකරන බවත් ඔවුන් පවසයි. මේ සම්බන්ධයෙන් වයඹ ටුඩේ වෙබ් අඩවියට ප්‍රකාශයක් කළ ආරච්චිකට්ටුව  ප්‍රාදේශීය සභාවේ ජනතා විමුක්ති පෙරමුණු මන්ත්‍රී අජිත් ගිහාන් මහතා කියා සිටියේ හලාවත මෝයේ වැලි ඉවත්කිරීම සදහා වසර කීපයක් ක්‍රියාත්මකවූ දියකඩනය ඉදිකිරීම අසාර්ථක වී ඇති අතර එය දූෂිත සහ වංචනික ක්‍රියාවක් ද වන බවයි. හලාවත ධීවරයින් ට සිය ධීවර කටයුතු ඉටුකරගැනීමට අවශ්‍ය පහසුකම් ලබාදෙන  රජයෙන් ඉල්ලා සිටින ඒ මහතා සමස්ත ලංකා පොදු ධීවර සම්මේලනයේ විධායක කමිටු සාමාජිකයෙකු ලෙස මේ සම්බන්ධව තවදුරටත් දැක්වූ අදහස් පහත පළවේ.

viber-image-2019-03-27-17.36.25

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article