හලාවත මුන්නේශ්වරමේ පිහිටි සොහොන් කාලි මාතා කෝවිල කිසිවකු විසින් අද
( 29 දා ) අළුයම බිද එහි තිබු සොහොන් කාලි මාතා ප්‍රතිමාවක් සොරා ගෙන ගොස් ඇත. මේ සම්බන්ධයෙන් පොලීසියට ද පැමිණිල්ලක් ලද සිදුකර තිබේ. එම කොවිලේ භාරකරු බව කියන කාන්තාවක් විසින් අද ( 29 දා ) පස්වරු හලාවත පොලිසියට මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක් කර ඇත. ඒ අනුව කෝවිලේ දේවප්රතිමාවන් තැන්පත් කර ඇති කාමරය තැන්පත් කර තිබූ මෙම දේව මාතා ප්‍රතිමාව අතුරු දහන්ව තිබි බවත් එය කිසිවකු විසින් සොරා ගෙන ගොස් ඇති බවට තමන් සැකකරණ බවත් ඇය විසින් පොලිසියට දන්වා තිබුණි. පස්ලෝ වලින් ඉන්දියාවේ දි නිපදවා ඇති මෙම ප්‍රතිමාව බැතිමතුන්ගේ විශේෂ ගෞරවාදරයට භාජනය ව පැවැති බවත් කියයි. මේ සම්බන්ධයෙන් කෝවිලේ බාරකරු බව කියන කතාන්තාව හමුවි විමසු අවස්ථාවේ දි ඇය මාධ්‍යයට කිසිවක් පැවැසිමට අකමැති බව කියමින් කිසිදු ප්‍රකාශයක් කිරිම ප්‍රතික්ෂේප කළාය. හලාවත පොලිසියේ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරින් මෙම කෝවිලට පස්වරු පැමිණ විමර්ශන කටයුතු ආරම්භ කරණු ද දැක ගත හැකි විය. හලාවත පොලිසිය විසින් තවදුරටත් පරකිෂණ සිදු කරයි.
හලාවත ඔගස්ටින් ප්‍රනාන්දු.