හලාවත නගරයේ ප්‍රසිද්ධ ස්ථානවල මෙන්ම මුන්නේශ්වරම පුදබිම තුළද රැදි සිටිමින් ජීවිකාව ගෙන යන යාචකයින් මේ දිනවල බලපාන අවාසනාවන්ත තත්ත්වය තුළ අසරණව සිටින බව තේරුම් ගත් හලාවත කොට්ඨාස බුද්ධි විමර්ශන ඒකකය සිය හිතවතුනගේ සහයෙන් එම අසරණ යාචකයන්ට දිවා ආහාර වේලක් ලබා දිමට පියවර ගෙන තිබුණි.ඒ අනුව හලාවත ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ලලිත් රෝහණ ගමගේ මහතා ද සම්බන්ධ කර ගෙන එම ආහාර වේල පෙරේදා ( 24දා ) අසරණවී සිටින යාචකයින් හමුවට ගොස් ලබා දෙන ලදී.මේ එම අවස්ථාවයි.කොට්ඨාස බුද්ධි විමර්ශන ඒකකයේ නිලධාරින් හා මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක සෙනරත් එදිරිසිංහ හලාවත සහකාර පොලිස් අධිකාරි රංජිත් විජේවර්ධන යන මහත්වරුන්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
ඔගස්ටින් ප්‍රනාන්දු