හලාවත – ජයබිම ගම්මානයේ පිහිටි ක්රීඩා පිටියට විදුලි බල මණ්ඩයට අයත් වාහන ඇතුළු වීම තහනම් කිරීමට ප්රදේශවාසීන් කටයුතු කර ඇත.
ජයබිම ගම්මාන තුළ සිංහල,දමිල සහ මුස්ල්මි පවුල් 3200 ක් පමණ වාසය කරති.මෙම ගම්මානය බිහි කිරීමෙන් අනතුරුව රජය විසින් ඉදිකරන ලද නිවාස 06 ක් විදුලි බල මණ්ඩලය විසින් බලහත්කාරයෙන් අල්ලා ගෙන සිටින බවද ගම්වාසීන් සදහන් කරයි.එතැනින් නෙනැවතී විදුලි බල මණ්ඩලය විදුලි කණු ඇතුළු වෙනත් දෑ ගෙනවිත් ගොඩ ගසන බවද ජයබිම ප්රදේශවාසීන් සදහන් කරයි.
මෙම තත්ත්වය නිසා තම ගම්මානයේ දරුවන්ට ක්රීඩා කිරීමට ඇති එකම ක්රීඩාංගනය ආරක්ෂක කර ගැනීම සදහා මෙම තීරණය ගත් බවද ජයබිම ගම්වාසීන් සදහන් කරයි.
ජූඩ් සමන්ත