කුරුණෑගල දිස්ත‍්‍රික්කය තුළ නිවාස සම්බන්ධයෙන් බරපතල ගැටඵ පවතින බවත්, දිස්ත‍්‍රික්කය තුළ ජීවත්වන පවුල් ලක්ෂයක් පමණ නිවාස අවශ්‍යතාවයෙන් පෙළෙමින් සිටින බව නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතා ඊයේ ( 02 දා ) කුරුණෑගලදී පැවැසීය.
අමාත්‍යවරයා මේ බව ප‍්‍රකාශ කළේ සැමට සෙවණ විසිරි ජාතික නිවාස වැඩසටහන යටතේ කුරුණෑගල තරුණ බෞද්ධ සංගම් ශාලාවේදී පැවැති මූල්‍යාධාර චෙක්පත් ප‍්‍රදානයකට එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ සජිත් පේ‍්‍රමදාස මහතා මෙසේද පැවසීය.
‘‘කුරුණෑගල දිස්ත‍්‍රික්කය කියන්නේ නිවාස සම්බන්ධයෙන් බරපතල ගැටඵ තියෙන දිස්ත‍්‍රික්කයක්. කුරුණෑගල දිස්ත‍්‍රික්කය තුළ පොල් අතු නිවාස තියෙනවා හත්දහස් හතලිස් තුනක් (7043 ) . තාවකාලික නිවාස තියෙනවා විසිතුන්දහස් අනූ නවයක් (23099 ) . බාගෙට හදපු ගෙවල් තියෙනවා හැට තුන් දහසක් ( 63000 ක් ) . දළවශයෙන් ගණන් හදලා බැලුවොත් කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ පමණක් පවුල් ලක්ෂයක් නිවාස පිපාසයෙන් පෙළෙනවා. නිවාසයක අවශ්‍යතාවයෙන් පෙළෙනවා. මේ අය ලොකු බලාපොරොත්තුවකින් සිටිනවා අනේ කවදාද අපේම ලස්සන නිවසක් අපි ගොඩනගන්නේ කියලා. කවදදා අප ගොඩනගපු ලස්සන නිවසක අපිට ජීවත්වෙන්න අවස්ථාව ලැබෙන්නේ කියලා. මම තමුන්නාන්සේලාට බොහොම විශ්වාසයෙන් කියනවා තමුන්නාන්සේලාගේ නිවාස ප‍්‍රශ්නය විසදන එකම රජය , එකම පාලනය මේ යහපාලනයයි කියලා. ’’යැයි පැවසීය.