මාතලේ , ලග්ගල පොලිස් ස්ථානයෙහි ඊයේ රාත්‍රි රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් සිව්දෙනෙකු බීමතින් රාජකාරියේ යෙදුණාදැයි තහවුරු කරගැනීම සදහා රෝහල්ගත කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා කියයි.
එම පොලිස් ස්ථානයේ ආරක්ෂිත පෙට්ටිය තුළ තැන්පත් කර තිබූ ටී පනස් හය වර්ගයේ ගිනි අවියක් සහ රිවෝල්වර පහක් කිසියම් පුද්ගලයෙකු විසින් අද අලුයම් කාලයේදී සොරකම් කර තිබීම හේතුවෙන් අදාළ පොලිස් නිලධාරින් බීමත්ව සිටි නොසිටි බව පරීක්ෂාවට ලක්කිරීමට හේතු වූ බවද හෙතෙම පැවසීය.
සරමකින් සහ කමිසයකින් සැරසී ලග්ගල පොලිසිය වෙත පැමිණි පුද්ගයෙකු විසින් එහි උප සේවා කාමරය අසල තැන්පත් කර තිබූ මෙම ආරක්ෂිත පෙට්ටියෙහි යතුර සොරාගෙන එහි තැනපත් කර තිබූ මෙම අවි ආයුධ තොගය සොරාගෙන පළාගොස් ඇති බව දැනට අනාවරණය වී ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
මෙම සොරකම සිදුවන අවස්ථාවේදී පොලිස් නිලධාරීන් සිව්දෙනෙකු ලග්ගල පොලිස් ස්ථානය තුළ රාත්‍රි රාජකාරියේ යෙදී සිට තිබේ.
ආයුධ සොරකම සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සදහා වැඩබලන පොලිස්පති එස්. එම්. වික්‍රමසිංහ මහතාගේ නියමයෙන් විශේෂ පොලිස් කණ්ඩායමක් කොළඹ සිට ලග්ගල බලා පිටත්ව ගිය බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.