කුරුණෑගල මහ නගර සභාව විසින් පවත්වාගෙන යන සුන්දරාපොල කසල ප්රතිචක්රිකරණ මධ්‍යස්ථානයේ පිහිටි කුණු කන්දේ අද (25 දා) අලුයම ගින්නක් ඇති විය.
මෙම ගින්න හේතුවෙන් අධික දුමාරයක් සහ දුර්ගන්ධයක් පිටවෙමින් ඇති අතර එයින් ප්‍රදේශවාසීන් දැඩි අපහසුතාවයකට පත් වී සිටිති. ගින්න නිවාදැමීම සදහා කුරුණෑගල මහ නගර සභාවේ ගිනි නිවීමේ ඒකකය ඊයේ අලුයම් කාලයේ සිට දැඩි පරිශ්‍රමයක් දරමින් සිටින නමුත් උදෑසන වනතුරුම ගින්න පාලනය කිරීමට නොහැකි විය.
ගින්න පැතිරී ගිය ආකාරය පහත වීඩියෝවෙහි දැක්වෙයි.