Saturday, November 23, 2024

සිසිලියේ බබලන දොඩම් වගාව

Must read

2
මධ්‍යධරණී මුහුදින් වට වූ දකුනු ඉතාලියේ විශාලතම දූපත සිසිලිය කෘෂිකර්මාන්තයට මුල් තැනක් ගනී. එයින් ප්‍රධානතම වගාවක් වන  පැගිරි ආශිත වගාව  සිසිලියේ මුහුදුබඩ ප්‍රදේශවල මූලිකවම සිදුවේ. පැගිරි ආශිත වගාවන් අතර දෙහි දොඩම්,නාරං වර්ග බොහොමයක් දැකිය හැකිය. සිසිලියටම ආවේණික වූ රතු දොඩම් වර්ගයක් පවතී. එවා arancia tarocco නමින්ද හදුන්වයි.  දොඩම් ගෙඩි මදය ලේ පැහැය නිසා එයට  sanguenella යන නමින්ද හදුන්වයි ( sangue යනු ඉතාලි භාශාවෙන්  ලේ වේ )

නාරං වර්ග අතර ජම නාරං ,  මැන්ඩරින් , කෙලෙමන්ටින්  බහුලව දැකිය හැකිය. දෙහි ද අඩුවක් නැතිව දකිනට  ලැබේ. ප්‍රධාන වශයෙන් ලෙමන් සුලභව දැකිය හැකිය.  සීතකාලයේ හට ගන්නා මෙම පැගිරි වර්ග, නොවැම්බර් මැද භාගයේ සිට   මැයි අවසානය දක්වා දෙහි දොඩම් නාරං වල රස බැලීමට හැකි වන අතර ග්‍රීශ්ම කාලය එලබීමත්  සමගම හිරු රස්නයට මෙම පලතුරු වෙලී යයි..

 මා ජිවත් වන මෙස්සීනා නගරයට යාබදව තිබෙන   ‘මිලස්සෝ නගරය’  සිසිලියේ එක් කෘෂිකාර්මීක වගාවන් සදාහා වෙන් කෙරූ ප්‍රදේශයකි. මුහුදට ආසන්නව පිහිටා ඇති මෙම නගරයේ දෙහි දොඩම්  නාරං වතු බහුලව දැකිය. මෙස්සීනා සිට  පැලැර්මෝ දක්වා ඇති අධිවේගී මාරගයේ යන විට මාර්ගය දෙපස මෙම දොඩම් දෙහි , නාරං වතු දැකිය හැකිය . මිලස්සෝ ප්‍රදේශය  අල වගාවට ප්‍රසිද්ධව පැවතියත් මෑතක් සිට පැගිරි ආශිත වගාවන් දැකිය හැක. අනෙකුත් වර්ෂ වලට සාපේක්ෂව මෙම වසරේ දොඩම් නාරං ඵලදාව සරු බවක් පෙනෙන්නට ලැබෙන්නේ දොඩම් ගස් විදුලි බල්බ දමා ආලෝක කර ඇතිආකරයෙන් මෙනි.
පැගිරි ආශිත ඵල මගින් විටමින් සී අඩංගු වේ. පසුගිය කාලය පුරාවට ඉතාලිය පුරාවට පැතිරී ගිය ඉන්ෆුලුවෙන්සා තත්ත්වයට නිශ්චිත  ෟෂධදයත් නොමැති වු අතර එයින් වැලකී සිටීමට විටමින් C ප්‍රයෝජනත් විය. කැස්ස ,සෙම්ප්‍රතික්ශාව , බඩේ අමාරුවටද දොඩම් දෙහි මගින් විටමින් සී ලබාගත් හැක.

මෙම දිනවල දිනපතා දොඩම් වීදුරුවක් පානය කිරීමට පුරුදු වී සිටින මා හට එමගින් පවතින් ඉන්ෆ්ලුවෙන්සා තත්ත්වයට මුහුණ දීමට හැකිවිය.  මේ වට විට වසංගතයක් ලෙස පැතිරී යන කොරෝනා වෛරසයටද මුහුණ දීමට අවශ්‍ය ප්‍රතිශක්තීකරණය විටමින් c  උපකාරී වේ.


සටහන සහ ඡායාරූප – දිල්ශාන් ක්‍රිශාන්ත6
7 8 9
viber_image_2020-02-24_05-29-4453

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article