Saturday, January 18, 2025

සිංහල අළුත් අවුරුද්දට සහන මිළට පොල් සහ සුදු පොල් තෙල්

Must read

11(4) 10(3)

සිංහල අළුත් අවුරුදු සමයේ ජනතාවට සහන මිළට පොල් සහ සුදු පොල් තෙල් ලබා දීමේ වැඩ සටහනක් ආරම්භ කර ඇති බව හලාවත වැවිලි සමාගමේ සභාපති ජූඩ් රූකාන්ත පෙරේරා මහතා පැවසීය.

හලාවත වැවිලි සමාගමේ පැවති මාධ්‍ය හමුවකදී වැඩිදුරටත් අදහස් දැක්වූ එම ආයතනයේ සභාපති ජූඩ් රූකාන්ත පෙරේරා මහතා මෙසේද පැවසීය.

2020 වර්ෂය තුළ හලාවත වැවිලි සමාගම විශාල ලාභයක් ලබා තිබෙනවා. වෙනත් වසර වලට වඩා 400% ක ආදායමක් ලබා ගැනීමට අපට හැකිවී තිබෙනවා.එයට ප්‍රධාතම හේතුව වූයේ අපේ සේවක මණ්ඩලයේ කැපවීම බව කියන්න කැමතියි.සියළුම දෙනා කැපවී කටයුතු කිරීමේ ප්‍රතිඵල අද අපට ලබා ගැනීමට හැකිවී තිබෙනවා.

පසුගිය වසරේ පැවති කොරෝනා වසංගත අවස්ථාවේ වුවත් අප සේවකයින් දැඩි කැපවීමකින් සේවය කළ නිසා හොද පොල් අස්වැන්නක් ලබා ගැනීමට හැකි වුණා.ඒ නිසා සියළුම සේවකයින්ට තමන්ගේ වැටුප මෙන් තුන් ගුණයක ලාභාංශ ලබා දීමට අප තීරණය කර තිබෙනවා.

මෙම උත්සව සමයේදී මහජනතාවට අවශ්‍ය කරන පොල් සහන මිළට ලබා දීමේ වැඩ සටහනක් අප විසින් මේ වන විට ආරම්භ කර තිබෙනවා.ඒ අනුව රාජ්‍ය ආයතන වලට අවශ්‍ය පොල් මේ වන විට ලබා දෙමින් සිටිනවා.ඊට අමතරව අපගේ අලවි සැල් මගින් සෙසු පාරිභෝගිකයින්ට අවශ්‍ය පොල් ඉතාමත්ම සහන මිළට ලබා දීමට අවශ්‍ය කටයුතු මේ වන විට සිදු කරමින් සිටිනවා.

මේ වන විට සමාජය තුළ වැඩි වහයෙන්ම කථා කරන මාතෘකාවක් බවට පත්ව තිබෙන්නේ විෂ පිළිකා කාරක අඩංගු පොල් තෙල් සම්බන්ධයෙන්.මෙහිදී විශේෂයෙන්ම කියන්න කැමතියි හලාවත වැවිලි සමාගම විසින් මේ වන විට වෙළද පළට නිකුත් කර ඇති සුදු පොල් තෙල් සෞඛ්‍ය ආරක්ෂිතයි කියන දේ. අපට වගකීමෙන් කියන්න පුළුවන් අපේ පොල් තෙල් වල පිළිකා කරක නොමැති බව.මොකද සුදු පොල් තෙල් ලබා ගැනීම සදහා අප විසින් යොදා ගන්නේ ඉතාමත්ම ගුණාත්මක භාවයෙන් යුතු කොප්පරා.අපි සුදු පොල් තෙල් සිදීම සදහා යොදා ගන්නා කොප්පරා කිසිදු ආකාරයකින් අපිරිසිදු නැහැ.

සුදු පොල් තෙල් මේ වන විට පාරිභෝගිකයාට අප ලබා දෙන්නේ ඉතාමත්ම අඩු මුදලකට.සත්‍ය වශයෙන්ම සුදු පොල් තෙල් නිෂ්පාදනය කර අලවි කිරීම තුළින් අපි කිසිදු ලාභයක් ලබන්නේ නෑ.අපට අවශ්‍ය වී තිබෙන්නේ ලාභ ලබනවාට වඩා පාරිභෝගිකයාට ගුණාත්මක යමක ලබා දීමටයි.අප කර ඇත්තේ එයයි.

මෙම සාකච්ඡාවට සීමාසහිත හලාවත වැවිලි සමාගමේ සාමාන්‍යාධිකාරී මහින්ද රණවීර,සහකාර සාමාන්‍යධිකාරී බන්දුජීව හෙට්ටිආරච්චි,මානව සම්පත් කළමණාකරු තිස්ස අතපත්තු යන මහත්වරුන්ද එක්ව සිටියේය


 

ජුඩ් සමන්ත,

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article