තම සැමියාගෙන් දිගින් දිගටම සිදුවන හිරිහැර ඉවසාගත නොහැකිව පෙට‍්‍රල් වත්කරගෙන තම සිරුරට ගිනි තබාගත් බව කියන කාන්තාවක් අසාධ්‍ය තත්වයෙන් අද දහවල් කුලියාපිටිය මූලික රෝහලට ඇතුළත් කරනු ලැබීය.
මෙලෙස සිරුරට ගිනිතබාගෙන ඇත්තේ කුලියාපිටිය , වෙරලුගම ප‍්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි දෙදරු මවකි.
මෙම කාන්තාව අද දහවල් 11 ට පමණ ඔවුන් පදිංචි නිවසේ කාමරයක් තුළදී ගිනි තබාගන්නා අවස්ථාව වන විට ඇගේ සැමියාද එම නිවසේ කාමරයක් තුළ නිදාගෙන සිටි ඇති බව පොලිස් පරීක්ෂණවලදී හෙළි වී තිබේ. බරපතල පිළිස්සුම් තුවාල ලබා කුලියාපිටිය මූලික රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටින මෙම කාන්තාව එම පිලිස්සුම් තුවාල හේතුවෙන් දැඩි වේදනාවකින් පසුවන අයුරු එහි ගිය අපට දැකගත හැකි විය.