හිරියාල ශ්රී ලංකා නිදහස් පක්ෂ ප්රධාන සංවිධායකවරයා ලෙස වයඹ පළාත් සභා මන්ත්රී කමල් ඉන්දික මහතා ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා අතින් අද පෙරවරුවේ පත්වීම් ලබාගත්තේය.
හිරියාල ශ්රී ලංකා නිදහස් පක්ෂ ප්රධාන සංවිධායකවරයා ලෙස මේ දක්වා කටයුතු කරනු ලැබුවේ කුරුණෑගල දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී සාලින්ද දිසානායක මහතා වන අතර ඔහුගේ ආසන සංවිධායක තනතුර අහිමිවන්නේ ඔහු විදේශගත වී සිටින අවස්ථාවකදී වීම විශේෂත්වයකි. සාලින්ද දිසානායක මහතා පසුගිය 25 වැනිදා පුද්ගලික සංචාරයක් සදහා ජපානය වෙත පිටත් වී ගිය අතර ඒ මහතා යළි දිවයිනට පැමිණීමට නියමිතව තිබෙන්නේ මැයි මස පළමුවැනිදා බව වාර්තා වෙයි.
ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන සාලින්ද දිසානායක මහතා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමග සමීපව දේශපාලනයේ යෙදී සිටින අයෙකු ලෙසද ප්රකටය.