Saturday, November 23, 2024

සරුංගල් ක්‍රීඩාවට කල්පිටියට ගිය බෙල්ජියම් යුවලට නිරෝධායන සහතිකයක්

Must read

01(1)
කල්පිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී උදාර ප්‍රනාන්දු මහතා විසින් නීරෝධායන සහතිකය බෙල්ජියම් යුවල වෙත ලබා දුන් අවස්ථාව ඡායාරූපයේ වේ.කල්පිටිය පොලිස් ස්ථානාධිපතිවරයාද ඡායාරූපයේ වේ.

සරුංගල් ක්‍රීඩාව සදහා (කටිය් සර්ෆින් ) කල්පියට ගොස් සිටි බෙල්ජියම් යුවලක් පසුගියදා ඔවුන් නැවතී සිටි හෝටයේදිම නිරෝධානයට ලක් කරන ලදී.  දින 14 ක කාලයක් ස්වයං නීරෝධායනයට ලක් වූ විදේශික යුවලක් සමාජ ගත කිරීම කල්පිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වරයා විසින් පසුගිය 27 වැනිදා සිදු කරන ලදි.

තමන් සරුංගල් ක්‍රීඩාව (කයිට් සර්ෆින්) සදහා කල්පිටියට පැමිණි බවත්, නීරෝධානය සහතිකය ලැබීමෙන් අනතුරුව ආපසු මව් රට බලා ගමන් කරන බවත් එම බෙල්ජියම් යුවල කියා සිටියේය.පසුගිය දින 14 ක කාලයක් තමන් සම්බන්ධයෙන් සොයා බැළු කල්පිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා ඇතුළු සෙසු කාර්ය මණ්ඩලයටද කල්පිටිය පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන්ට ස්තූති වන්ත වන බවද ඔවුන් කියා සිටියේය.

කල්පිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී උදාර ප්‍රනාන්දු මහතා විසින් නීරෝධායන සහතිකය බෙල්ජියම් යුවල වෙත ලබා දුන් අවස්ථාව ඡායාරූපයේ වේ.කල්පිටිය පොලිස් ස්ථානාධිපතිවරයාද ඡායාරූපයේ වේ.

 

ජුඩ් සමන්ත.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article