Sunday, January 19, 2025

සමාජ මාධ්‍ය ජාල: මරණයෙන් පසු ඔබේ ‘ඩිජිටල් දේපළට’ සිදු වන්නේ කුමක් ද?

Must read

a02f07568c3f72681ee3d3f062b4301e‘ඩිජිටල් යුගයේ’ දිවි ගෙවන බොහෝ දෙනෙකුගේ ජීවිතයේ සැලකිය යුතු කොටසක් ඔවුන්ගේ සමාජ මාධ්‍ය ජාල ගිණුම්වල දක්නට හැකිය. ඉතා වටිනා ඡායාරූප, වීඩියෝ සහ ලිපි දිනකට මිලියන ගණනක් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ප්‍රකාශයට පත් කෙරේ. නමුත්, මියගිය පසු ඔබේ ‘අන්තර්ජාල බූදලය’ උරුම වන්නේ කාහට ද?

යමෙකු සිය දිවි ගමන තුළ එක්රැස් කරගත් සිහිවටන මෙන්ම සිතට නැගුණු හැඟීම් වචන බවට පෙරලා සමාජ මාධ්‍ය ජාල ගිණුම්වල පළ කළ විට, එය ඔහු හෝ ඇය සතු දේපළක් බවට පත් වේ.

ඉඩම්, නිවාස, වාහන, මුදල් ඇතුළු භෞතික දේපළ අන් අයට පැවරිය හැකි වුව ද, පුද්ගලයෙකුගේ ඩිජිටල් දේපළ පවරා දීමක් හෝ අවසන් කැමති පත්‍රයකට ඇතුළත් කළ හැකි නීතිමය රාමුවක් ශ්‍රී ලංකාව තුළ නොමැත.

නමුත් ඇමරිකා එක්සත් ජනපදයේ සමහර ප්‍රාන්තවල මේ සඳහා නීති සකසා ඇත. The Revised Uniform Fiduciary Access to Digital Assets Act (RUFADAA) එවැනි එක් පනතකි.

“මගේ පාසලේ යෙහෙළියක් මීට මාස හයකට කලින් මියගියා. නමුත් ඇය මිය ගිහින් දින කීපයකින් ඇයගේ ෆේස්බුක් ගිණුමේ පින්තූර වගේම විවිධ දේ පළ වෙන්න ගත්තා. එයාගේ නමින් මේ දේවල් දාන්නේ අම්මා,” බීබීසී සිංහල සේවය වෙත සිය අදහස් දක්වමින් ගුරුවරියක වන රන්දිමා පරණවිතාන පැවසුවාය.

“මුලින් මට මේ දේ තේරුණේ නැහැ. පසුව මම මේ ගැන සොයා බැලුවා. මියගිය පසු ෆේස්බුක් ගිණුමට ඇතුළු වීමේ අයිතිය ඇය අසනීප වෙලා ඉන්න කාලයේ තමන්ගේ අම්මාට පවරලා.”

කෙසේවෙතත්, පුද්ගලයෙකු මියගිය පසු ඔහුගේ ෆේස්බුක්, ට්විටර්, ඉන්ස්ටග්‍රෑම් හෝ ඊමේල් ගිණුම්වලට ඇතුළු වීමට ඥාතීන්ට හෝ වෙනත් අයට අවසර ලබා දෙන නීතියක් ද නොමැත.

What happens to your online contents when you die? 

දිවිය පුරාවට අන්තර්ජාලය ඔස්සේ විවිධ දේ එක්රැස් කළ ද ඔහු/ඇය මියගිය පසු ඒ සියල්ල ද මියැදෙන්නේය. කෙසේනමුත්, මියගිය පුද්ගලයාගේ හිතවත් අයට අදාළ ගිණුම්වලට ඇතුළු විය හැකි ක්‍රමවේදයක් සමහර සමාජ මාධ්‍ය ජාල ආයතන විසින් සකසනු ලැබ තිබේ.විශේෂයෙන්ම වැඩිමහල් පුද්ගලයන්ට ඔවුන්ගේ අන්තර්ජාල ගිණුම්වල තිබෙන දත්තවලට සිදු වන්නේ කුමක් දැයි නිශ්චිත දැනුමක් නොමැති බව තොරතුරු තාක්ෂණ විශේෂඥවරියක වන දෙරණි නතාෂා දිසානායක ඕස්ට්‍රේලියාවේ ඊඩිත් කෝවන් විශ්වවිද්‍යාලයේ දී සිදු කළ පරීක්ෂණයක දී හෙළි වී තිබේ.

“බොහෝ වැඩිහිටි පුද්ගලයන් සිතාගෙන ඉන්නවා ඔවුන්ගේ මරණයෙන් පසු මෙම දත්තවල අයිතිය අදාළ පරිගණක සහ ජංගම දුරකතන ද සමඟ ඉබේම තම දරුවන්ට හෝ උරුමකරුවන්ට ලැබෙන බව,” ඇය කියා සිටියාය.

“කෙසේනමුත්, මෙම දත්ත සංරක්ෂණය කර තිබෙන ආකාරය සහ ඒවා පරිහරණය කළ ආකාරය නිසා, ඡායාරූප, ගීත, පොත් සහ වීඩියෝ ගේම් වගේ දේවල් තවත් කෙනෙකුට උරුම කිරීම පහසු දෙයක් නොවෙයි,” ඇය පැවසුවාය.

උපුටා ගැනීම – www.bbc.com/sinhala

Read More >>https://www.bbc.com/sinhala/sri-lanka-50840384

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article