ටිකිරිට පින පෑදුණු – රහස් ඡන්දේ ඇති තතු
වයඹ පළාත් සභාවේ ආණ්ඩු පක්ෂයේ කණ්ඩායම් රැස්වීම පැවැත්වුනේ පසුගිය බ්‍රහස්පතින්දාය. කණ්ඩායම් රැස්වීමට සහභාගිවීමට පැමිණ සිටි මන්ත්‍රී මල්රාජ් පීරිස් හදිසියේ අසනීපවීම නිසා රෝහල්ගතකරන්නට සිදුවීම හේතුවෙන් කණ්ඩායම් රැස්වීම ආරම්භ කිරීම තරමක් ප්‍රමාද වූ නමුත් මල්රාජ්ගේ තත්වය බරපතල නොවන බව තහවුරුකරගැනීමෙන් පසුව කණ්ඩායම් රැස්වීම සාමාන්‍ය පරිදි ආරම්භ කෙරිණි. රෝහල් ගත කෙරුණු මල්රාජ්, ඇමැති වේඩරුව සහ ආර්. එම්. එම්. රත්නායක හැර අනෙක් සෑම ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරයෙක්ම ආණ්ඩු පක්ෂ කණ්ඩායම් රැස්වීමේ අසුන්ගෙන සිටියහ. “දැන් අපෙන් කී දෙනෙක් සභාපති තනතුරට තරග කරන්න ලෑස්තිවෙලා ඉන්නවාද ? මහඇමැති ධර්මසිරි රැස්වීම ආරම්භයේදිම ඇසුවේය. ටිකිරි අධිකාරි, සෝමසිරි ගුණතිලක, පියුමාල් හේරත් සහ සුමිත් රාජපක්ෂ නැගී සිට තමන් සභාපතිකමට තරගකිරීම සදහා ඉදිරිපත්වන බව ප්‍රකාශ කළහ. අනතුරුව නැගී සිටියේ ඞී. බී. හේරත්ය. ” මමත් සභාපතිකමට තරගකරන බලාපොරොත්තුවෙන් තමයි මේ වෙනතුරුම හිටියේ. නමුත් සභාපතිකමට තරග කරන්න ඉදිරිපත්වෙලා ඉන්න මේ අය දිහා බලලා මම මේකට තරග කරන්නේ නැතුව ඉන්න තීරණය කළා.” ඩී. බී. කීය. “එතකොට සභානායකකමට ?” මහඇමැති ධර්මසිරි යළි ඇසීය. චින්තක අමල් මායාදුන්නේ, ට්‍රෙවින් ප්‍රනාන්දු සහ එම්.එම්. තාහීර් නැගී සිටියහ. ”එහෙම නම් අපිට ඡන්දෙකට යන්න වෙනවා. හැබැයි මේ ඡන්දෙන් දිනන අයට අනිත් සියඵම මන්ත්‍රීවරු එකා වගේ එකතුවෙලා සහය දෙන්න ඕනෑ. ” ධර්මසිරි කීවේය. ඒ අනුව ප්‍රධාන අමාත්‍යංශ ලේකම්වරයෙකුගේ මෙහෙයවීමෙන් ආණ්ඩු පක්ෂ කණ්ඩායමේ හදිසි රහස් ඡන්ද විමසීමකට අවශ්‍ය වැඩ කටයුතු ලහි ලහියේ සූදානම් කෙරිණි. ඒ අතරතුර ඡන්දයට ඉදිරිපත්වන අපේක්ෂකයින්ට තම තමන්ගේ සුදුසුකම් පිළිබදව කතාකරන්නට අවස්ථාවක් ලැබිණි. අවස්ථාව ප්‍රයෝජනයට ගත් අපේක්ෂක මන්ත්‍රීවරුන් හත්දෙනාම තම දේශපාලන පළපුරුද්ද, අත්දැකීම්, මුහුණ දෙන්නට වූ මදිපුංචිකම්, කැපිලි කෙටිලි මෙන්ම නොසලකාහැරීම් ගැනද කතා කළහ. අපේක්ෂකයින්ගේ කතාවලින් අනතුරුව ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් ඡුන්ද පෙට්ටිය වෙත ගොස් සභාපති අපේක්ෂකයා සහ සභානායක අපේක්ෂකයා තෝරාගැනීම වෙනුවෙන් පත්‍රිකා දෙකක ඡන්දය සළකුණු කළහ.
මට නම් මම විතරමයි- සුමිත්ට එක ඡන්දයයි.
ඊළගට එළැඹුණේ ඡන්දය ගණන් කිරීමේ අවස්ථාවය. පසුගිය මාසය පුරා හෙලූ දහදිය මහන්සියේ ප්‍රතිඵලය එළි දකින තුරු ටිකිරි, සෝමසිරි, පියුමාල්, සුමිත් මෙන්ම චින්තක, ෙටි්රවින් සහ තාහීර්ද නොඉවසිල්ලෙන් සිටිනු පෙණිනි. මුලින්ම ගණන්කෙරුණේ සභාපති ඡන්දයේ ප්රතිඵලයයි. අපේක්ෂකයින්ගේ විසින් ලබා තිබූ ඡන්ද ප්‍රමාණ අනුව, ඡන්ද පත්‍රිකා ගොඩවල් හතරකට වෙන්කෙරුණු අතර ගොඩවල් දෙකක් එක සමානවත් , ඡන්ද පත්‍රිකා තුනක ගොඩකුත්, තනි ඡන්ද පත්‍රිකාවක ගොඩකුත් නිර්මාණය වනු පෙණිනි. අනිත් ගොඩවල් තුනටම වඩා මන්ත්‍රීවරුන්ගේ අවධානය යොමු වූයේ තනි ඡන්ද පත්‍රිකාව සහිත ගොඩ දෙසට වූ මන්ත්‍රීවරුන්ගේ කුතුහලය තවත් වැඩි කරවමින් ඡන්ද නිලධාරීන් විසින් සභාපති ඡන්දයේ ප්‍රතිපල නිකුත්නොකරම සභානායක තරගයේ ඡන්ද ගණන් කිරීම ආරම්භ කළහ. සභානායක ඡන්දයේදී ප්‍රතිපල අනුවත් ගොඩවල් තුනක් හැදුණු අතර එකක් ලොකුවටත්, අනෙක් දෙක එක සමානවත් නිර්මාණය වනු පෙණිනි. අන්තිමේදී අපේක්ෂකයින් හත්දෙනාගේ හදගැස්ම පවා මොහොතකට නවතා දමමින් රහස් ඡන්දයේ ප්‍රතිඵල නිකුත් විය. ඒ අනුව සභාපති ඡන්දයේදී ටිකිරිට ඡන්ද 14 ක් ලැබී තිබූ අතර, සෝමසිරිට ඡන්ද දහතුනකුත් , පියුමාල්ට ඡන්ද තුනකුත් සහ සුමිත් රාජපක්ෂට එක් ඡන්දයකුත් ලැබී තිබිණි. ඒ අනුව ටිකිරිට එක් වැඩි ඡන්දයක් සහිතව ‘හීන් නූලේ ’දිනුමක් හිමි වී තිබූ අතර මන්ත්‍රී සුමිත්ට වැටී තිබුණේ සුමිත්ගේ ඡන්දය පමණක් බව වටහාගැනීම අපහසු නොවීය. කෙසේවෙතත් ඡන්ද ප්‍රතිඵල අසමින්ම සුමිත් දෙස හැරුණු ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ට එතැන දැකගත හැකි වූයේ හිස් පුටුවක් පමණකි. ඇසිපිය හෙලන වේගයටත් වඩා වැඩි වේගයකින් සුමිත් ඒ වන විට රැස්වීම් කාමරයෙන් අතුරුදන් වී සිටියේය. අනතුරුව සභානායක ඡන්දයේ ප්‍රතිඵලද නිකුත් කෙරුණු අතර එහිදී චින්තකට ඡුන්ද 15 ක් ලැබී තිබූ අතර ෙටි්රවින් සහ තාහීර් විසින් ඡන්ද අට බැගින් ලබාගෙන සම තත්වයක පසුවූහ. ඡන්ද ප්‍රතිඵල අනුව ටිකිරි සභාපතිකමටත්, ටිකිරි සභාපති බවටපත්වීමෙන් පුරප්පාඩු වන නියෝජ්‍ය සභාපතිකමට සෝමසිරිත්, සභානායකකමට චින්තකත් ඉදිරිපත්කිරීමට ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් සියඵදෙනාම එකග වූහ. අනතුරුව මහඇමැති ධර්මසිරි කතාකළේය. ”හරි , සභාපති, නියෝජ්‍ය සභාපති ,සභානායක කියන තනතුරුවලට අපෙන් ඉදිරිපත් කරන්නේ කවුද කියලා දැන් අපි හැමෝම එක තීරණයකට ආවා. ඒ නිසා මේ තේරීපත් වුණු මන්ත්‍රීවරු තුන්දෙනාට අනිත් සියඵම මන්ත්‍රීවරු එකා වගේ එකතුවෙලා සහයෝගය දෙන්න ඕනෑ. විපක්ෂය පැත්තේ මන්ත්‍රීවරුත් මේ තනතුරුවලට ඉදිරිපත් වෙයි. සමහරවිට අපේ මන්ත්‍රීවරුන්ට ඉදිරිපත් වෙන්න කියලත් කියයි. ඒවට අහුවෙන්න නැතුව ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු විදිහට අපි මේ තුන්දෙනාට අපේ සම්පූර්ණ සහයෝගය දෙමු. ” ධර්මසිරි අවවාදාත්මක ස්වරයකින් කීය. ඊළගට නැගී සිටි පියුමාල් ඉල්ලීමක් කළේය. ”ඡන්දේ ඉල්ලන්න අවස්ථාව දුන්නා වගේ ස්තූති කරන්නත් අවස්ථාවක් දෙන්න. ” ඒ අනුව ඡන්දයට ඉදිරිපත් වූ සියඵ අපේක්ෂකයින්ට ස්තූතිකිරීමේ අවස්ථාවක් යළිත් ලැබුණු අතර පළමුව කතා කළ පියුමාල් විසින් කළේ එක ආකාරයක ස්තූතියකි. ”මම මෙතැන සාම්ප්‍රදායික ස්තූති කතාවක් කරන්න බලාපොරොත්තු වෙන්නෙ නැහැ. මට ලැබුණේ ඡන්ද තුනයිනේ. එතැනින් මගේ ඡන්දේ අයින්වුණාම මට ඇත්තටම ලැබිලා තියෙන්නේ ඡන්ද දෙකයි. ඒ නිසා ඡන්දය දුන් නොදුන් හැමෝටම ස්තූතිය කියලා මම බයිලා කියන්න යන්නේ නෑ. මෙතැන ඉන්න අයගෙන් මට ඡන්දෙ දුන්නු දෙන්නා දන්නවනේ එයාලා මට ඡන්දේ දුන්නා කියලා . අන්න ඒ දෙන්නට විතරක් මට දීපු සහයෝගය සම්බන්ධයෙන් මම හිස නමා ආචාර කරනවා. ඔයාලා දෙන්නට බොහෝම ස්තූතියි. ඔබේ මේ සහයෝගය මට කවදාවත් අමකක වෙන්නේ නෑ. ”පියුමාල් කියද්දී මුඵ ආණ්ඩු පක්ෂ රැස්වීමම සිනා හඩින් ගිගුම් දුන් අතර ඒ සිනාහඩ මැද්දේම ආණ්ඩු පක්ෂයේ තනතුරු පොරයටද නැවතීමේ තිත වැටිණි. ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් විසින් පසුගිය මාසයක කාලයක් පුරාවට තනතුරු දිනාගානීම උදෙසා ඇල්ලූ අඩව් සහ කස්තිරම්වල හැටියට ගුටි කෙළි මැද්දේ අවසන් විය යුතුව තිබූ සභාපති අපේක්ෂකයා තේරීමේ රහස් ඡන්දය කෙළිකවටකම් සහ සිනා හඩවල් මැද්දේම අවසන් කර ගැනීමට තරම් ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් වාසනාවන්ත වූහ. සභාපති සටනින් ජයගත් ටිකිරි සහ ඡුන්ද 14 අතර පවතින දෛවෝපගත සම්බන්ධයක් (ඇතැම්විට ටිකිරිගේ පවා අවධානයට ලක් නොවූ )අඵ යට ගිනි හි නිරීක්ෂණයට ලක් වී තිබේ. එනම්, වයඹ පළාත් සභාවේ නියෝජ්‍ය සභාපති අපේක්ෂකයා තෝරාගැනීම වෙනුවෙන් පසුගිය ජූනි මාසයේදීත් මේ ආකාරයේම රහස් ඡන්දයක් මෙම රැස්වීම් කාමරයේදීම පවත්වන්නට යෙදුණු අතර එහිදීත් ජයග්‍රාහකයා බවට පත් වූ ටිකිරිට ලැබුණේ ඡන්ද 14 කි. ඉන් තෙමසකට පසුව තවත් රහස් ඡන්දයකට මෙම කාමරයේදීම ඉදිරිපත් වූ ටිකිරි සභාපති අපේක්ෂකයා ලෙසට ජයග්‍රහණය කරන්නේ ඔහුගේ දෛවෝපගත ප්‍රමාණය වන ඡන්ද 14ක් යළිත් ලබා ගනිමිනි.
”මෙන්න සුදුස්සෝ ! ”යැයි කී රෝහණ – පෙන්වීය හිටපු මහමැති අතුල
විපක්ෂ මන්ත්‍රී අජිත් රෝහණ ඉන්නා තැනක් වෙයි නම් එතැන රසවත් මොහොතක් මැවෙන්නේ නැත්තේ එහෙමත් වෙලාවකය. දක්ෂ ගායකයෙකු ලෙස නම් දරා සිටින අජිත් සිටින සාදයකදී නම් පැරණි රසාංග ගී වැළකින් සවන් පිනවාගැනීමේ නියත වාසනාව සාදයේ සිටින අයවඵන් වෙත උදාවෙයි. පළාත් සභාවේදීත් වැඩි කතාබහක් නැති අජිත් යම් ප්‍රකාශයක් කිරීම සදහා කලාතුරකින් හෝ නැගී සිටියේ නම් එතැනත් අනිවාර්යයෙන්ම මැවෙන්නේ රසවත් මොහොතකි. ඒ අජිත්ගේ මුවින් පිටවෙන දෙපිට කැපෙන කතා මෙන්ම, ඔහුගේ කතාව අතරතුරදී ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් විසින් අජිත්ව නියත වශයෙන්ම බයිට් එකට ගන්නා නිසාවෙනි. වයඹ සාම්ප්‍රදායික කලා අංග සංරක්ෂණය කිරීම සදහා වැඩපිළිවෙලක් හදුන්වා දිය යුතු බවට පසුගිය අගහරුවාදා පැවති විවාදයේදී කලකට පසුව අජිත් රෝහණගේ හඩ වයඹ පළාත් සභාවේදී අසන්නට ලැබිණි. අජිත්ට නිදහසේ සිය කතාව කරගෙන යාමට ලැබුණේ විනාඩි කිහිපයක් පමණි. ආණ්ඩු පක්ෂයේ ඉදිරිපෙළෙහි වාඩි වී සිටි ඇමැති සුමල් තිසේරාගෙන් සහ සභානායක චින්තක මායාදුන්නගෙන් සුපුරුදු ලෙසම අජිත්ට උසුඵ විසිඵ එල්ලවන්නට විය. වෙනදාට නම් දෙපිට කැපෙන කතාවකින් ඒවාට පිළිතුර දී තමන්ගේ පාඩුවේ කතාව කරගෙන යන අජිත්ට එදින නම් යකා නැග්ගේය. ”මේ ඇමැතිතුමා, තනතුරක් ලැබුණාට පස්සෙවත් ටිකක් හරි සංවර වෙන්න බලන්න. දැන්වත් හැදෙන්න බලන්න. මහඇමැතිතුමා, කරුණාකරලා ඔබතුමාගේ මේ ඇමැතිවරු ටික ගස් බැදලා හරි හදාගන්න.” අජිත් කීය. අජිත් ඇවිස්සුණු දුටු සුමල් සහ චින්තක ඔවුන්ගේ අසුන්වල සිට බක බක සිනාසෙන්නට වූ අතර එය දුටු අජිත් රෝහණගේ කෝපය තව ඇවිස්සුණේය. එවර අජිත් හැරුණේ ඉදිරිපෙළ අසුනකට වී පාඩුවේ සිටි හිටපු මහඇමැති අතුල විජේසිංහ දෙසටය. ”මෙන්න සුදුස්සෝ. බලන්නකෝ සභාවේ ඉන්න ලස්සන. සුදුස්සන්ට සුදුසුතැන නොලැබුණු හින්දා තමයි ඔයාලා අද ඔහොම දගලන්නේ.” අජිත් කීවේය. අජිත්ගේ උස් ස්වරය නිසාදෝ සුමල් සහ චින්තක තරමක් සන්සුන් වූ නමුත් ඊට විනාඩි කිහිපයකට පසුව මන්ත්‍රී මල්රාජ් පීරිස් විසින් කී යමක් යළිත් අජිත්ව කෝපගන්වන්නට සමත් විය. ”අනේ මේ. මහින්දත් එක්ක ලැගගෙන අවුරුදු දහයක් තිස්සේ හම්බුකරලා, හම්බුකරලා දැන් එනවා මෙතන කියවන්න. අනේ නිකං මගෙ කට අවුස්සගන්නේ නැතුව ඉන්නවා. ”අජිත් එවර කීවේය. අජිත් විසින් එවර දැමූ සද්දයෙන් පසුව නම් අජිත්ට ආණ්ඩු පක්ෂය පැත්තෙන් සැලකිය යුතු තරමේ බාධාවක් එල්ලවූයේ නැත.
තටු කැපුණැයි කී කතාවට – රිදී තිබේ මහ ඇමැතිගේ හිත
පළාත් සභා රැස්වීම නිමවීමෙන් අනතුරුව මහ ඇමැති ධර්මසිරි විසින් ප්‍රධාන අමාත්‍යංශ රැස්වීම් කාමරයේදී ප්රවෘත්ති සාකච්ඡාවක් කැදවා තිබිණි. මහඇමැති තනතුරට පත්වීමෙන් පසුව ධර්මසිරි සහභාගි වූ පළමු ප්රවෘත්ති සාකච්ඡාවද එය වූ අතර ප්රවෘත්ති සාකච්ඡාවකට වඩා එය මාධ්‍යවේදීන් දැන හැදිනගැනීම වෙනුවෙන් සංවිධානය කර තිබූ අවස්ථාවක් විය. ප්රවෘත්ති සාකච්ඡාවට වාඩි වූ ධර්මසිරි තමා විසින් ඉදිරි වැඩකටයුතු සැලසුම් කර ඇති ආකාරය පිළිබදව සැකෙවින් මාධ්‍යවේදීන් වෙත විස්තර කළේය. අනතුරුව ධර්මසිරි මීට දෙසතියකට පෙර අඵ යට ගිනි පිටුවේ පළ වී තිබූ මහඇමැතිගේ තටු කැපුණු කතාවක් ගැන ඇදගත්තේය. ”පත්තරේ දාලා තිබුණා මහඅමැතිගේ තටු කැපිලා කියලා. ඇත්තටම එහෙම දෙයක් වෙලා නෑ. මගෙන් ඇහැව්වා නම් මම ඕකට ඒ වෙලාවෙම උත්තරේ දෙනවා. දැන් බලන්න අපේ රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා. එතුමාට තියෙන්නේ ආර්ථික හා ක්‍රම සම්පාදන විෂයන් විතරයි. එතුමාට අධ්‍යාපන නෑ, මහාමාර්ග නෑ, වාරිමාර්ග නෑ. තියෙන්නේ විෂයන් දෙකයි. නමුත් එතුමා අනෙක් සෑම අමාත්‍යංශයම කටයුතු ගැන හොයලා බලනවා. අගමැති කියන්නේ වැඩ කරන ඇමැතිවරයෙක් නෙවෙයි. වැඩකරවන ඇමැතිවරයෙක් . මමත් ඒ වගේ තමයි. මුදල් අමාත්‍යවරයා විදිහට පළාත් සභාවේ හැම අමාත්‍යංශයක් ගැනම මම හොයලා බලනවා. ඒවයේ වැඩකටයුතු කෙරෙනවාද නැද්ද කියලා හොයලා බලන වගකීම මහඇමැතිවරයා විදිහට මට පැවරිලා තියෙනවා. ඒ නිසා මහඇමැති විදිහට වැඩකරනවාට වඩා වැඩකරවන්නයි මට පැවරිලා තියෙන්නේ. ඒ නිසා මගේ තටු කැපිලා, මගේ බලතල අඩුකරලා කියලා කවුරු හරි කියනවා නම් ඒක වැරදියි. ” මහඇමැති ධර්මසිරි කීය. මහ ඇමැති ධර්මසිරි කියන විදිහට නම් සෑම වයඹ පළාත් සභාවේ සෑම අමාත්‍යංශයකම ඔහුගේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වෙයි. ඒ අනුව ඒ ඒ අමාත්‍යංශයන් හිමි අනෙක් අමාත්‍යවරුන් ඔවුන්ගේ ඉදිරි තීන්දු තීරණ ගැනීමේදී, විශේෂයෙන් රැකියා පත්වීම් ලබාදීම වැනි අවස්ථාවන්වලදී ධර්මසිරිට කෙතරම් කීකරු වනු ඇතිදැයි සහ ධර්මසිරිට කෙතරම් දුරට සලකනු ඇතිදැයි ඉදිරියේදී දැක බලා ගනු හැකි වනු ඇත.
මුදුව උගසට තබා කඩයේ – ළමා දිනකුත් තුටින් සැමරේ.
ජාතික ළමාරක්ෂක අධිකාරිය සහ කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය එක්ව සංවිධානය කර තිබූ ලෝක ළමා දින සැමැරුම් උළෙලක් පසුගිය සදුදා පැවැත්වුණේ වයඹ පළාත් සභා ශ්රවණාගාරයේදීය. කුරුණෑගල දිස්ත්‍රික්කය තුළ වෙසෙන විශේෂ අවශ්‍යතා සහිත දරුවන්, ළමා නිවාසවල දරුවන්, වතු පාසල්වල ඉගෙනුම ලබන දරුවන් ඇතුඵ දරු දැරියන් පිරිසකුත්, රාජ්‍ය නිලධාරීන් සහ දෙමව්පියන්ගේද සහභාගීත්වය ඇතිව පැවැති මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වූයේ ඉන්දියානු සහකාර මහකොමසාරිස් රාධා වෙන්කතරාමන්ය. කුරුණෑගල දිස්ත්‍රික්කයේ සහ පළාත් සභාවේ ඉහළ නිල බලධාරීන් රැසක්ම මෙම උත්සවයට සහභාගී වී සිටිනු පෙණුනු නමුත් එක්තරා නිලධාරීනියකගේ කැපවීම නොවන්නට ඒ සියල්ලගේම සායම සේදී යන තැනට ඊට පෙර දිනයේදී වැඩකටයුතු යෙදී තිබූ බව ‘අඵ යට ගිනි ’ වෙත වාර්තාවෙයි. මෙම උත්සවය පැවැත්වීමට වයඹ පළාත් සභා ශ්‍රවණාගාරය වෙන්කර ගෙන තිබුණේ ඊට සති කිහිපයකට පෙරදීය. පසුගිය බ්‍රහස්පතින්දා වයඹ පළාත් සභාවේ පුහුණු අංශයෙන් අදාළ උත්සවයේ සංවිධාන කටයුතු භාරව සිටි නිලධාරිනියකට ලැබුණු ඇමැතුමකින් කියැවී ඇත්තේ අදාළ උත්සවයට ශ්‍රවණාගාරය වෙන්කිරීම වෙනුවෙන් රුපියල් තිස්පන්දහසක මුදලක් පළාත් සභාව වෙත ගෙවිය යුතු බවත්, එසේ නොවන්නේ නම් එදිනට ශ්‍රවණාගාරය ලබාදිය නොහැකි බවත්ය. එමෙන්ම අදාළ මුදල එදින දහවල් 12 ට පෙර පළාත් සභාව වෙත ගෙවිය යුතු බවද එම ඇමැතුමෙන් වැඩිදුරටත් අවධාරණය කර තිබේ. ඇමැතුම ලැබීමත් සමග උත්සව සංවිධායක කමිටුවට තරු පෙනෙන්නට වූයේ ඒ වන විටත් අදාළ උත්සවය වෙනුවෙන් වගකිවයුතු රජයේ ආයතනයක් හෝ කිසිදු අනුග්‍රාහක ආයතනයක් හෝ උත්සවයේ වැය බර දරන්නට ඉදිරිපත් නොවී සිටීම නිසාය. ඉන්දියානු සහකාර මහකොමසාරිස්වරිය ඇතුඵ ආරාධිතයින් ගණනාවකටද සහ දරු දැරියන් විශාල පිරිසකටද ඒ වන විට උත්සවයට පැමිණෙන ලෙසට ආරාධනා කර තිබූ බැවින් එය අවලංගු කිරීමද සිදුකළ නොහැකි වූ අතර එවැනි අවලංගු කිරීමක් වූයේ නම් මකා දැමිය නොහැකි තරමේ කැළලක් කුරුණෑගල නම ඉදිරියේ සටහන්වීමට නියමිතව තිබිණි. සියල්ලන්ගේම සායම සේදී යන්නට ඔන්න මෙන්න කියා තිබූ අවස්ථාවේදී ඒ හැමදෙනාගේම ගැලවුම පිණිස ඉදිරිපත් වූයේ එක්තරා රාජ්‍ය නිලධාරිනියකි. දෙවරක් නොහිතාම කුරුණෑගල උගස් බඩු ගන්නා ස්ථානයක් වෙත ගිය එම නිලධාරිනිය ඇගේ සුරතෙහි පැළද සිටි මංගල මුදුව උගස් තබා රුපියල් තිස්පන්දහසක මුදලක් අතට ගත්තාය. අදාළ මුදලද සමග එවේලේම පළාත් සභාව වෙත ගිය එම නිලධාරිනිය ගොස් ශ්‍රවණාගාරය වෙනුවෙන් මුදල් බැන්දාය. වයඹ පළාතේ ඉහළ නිලබලධාරීන්ද උත්සවයේ මුල්පුටුවල හිදුවාගෙන පසුගිය සදුදා එලෙස සමරනු ලැබුවේ නිලධාරිනියකගේ මගුල් මුද්ද උගස් කඩයටකට දීමේ ආනිසංසයෙන් සියඵදෙනාගේම ජාම බේරාගත් එහෙව් ළමා දින උත්සවයක්ය.
තටු කැපිල්ලට අහුවෙලා – ජනකලා යයිද ගැලවිලා
මහ ඇමැති ධර්මසිරි අගහරුවදා මාධ්‍ය හමුවේදී කෙසේ කීවත් ප්‍රධාන අමාත්‍ය ධූරය සමග පැවැති අමාත්‍යංශ ගණනාවක් කප්පාදුවට ලක්වීම නිසා මේ වන විට අර්බුද ගණනාවක් නිර්මාණය වී ඇති අයුරු පළාත් සභාවෙන්ම පෙනෙයි. එහි ආසන්නතම උදාහරණය වන්නේ වයඹ ජනකලා කේන්ද්‍රයයි. ජයවික්‍රම යුගයේදී ආරම්භ කෙරුණු වයඹ ජනකලා කේන්ද්‍රය මේ දක්වාම පැවැතියේ වයඹ ප්‍රධාන අමාත්‍යංශය යටතේය. සංස්කෘතික විෂයද අඛණ්ඩවම බද්ධ වී තිබුණේ ප්‍රධාන අමාත්‍යංශය යටතේ වූ බැවින් ජනකලා කේන්ද්‍රයේ පරිපාලනය පිළිබද අතීතයේදී ගැටඵවක් මතු නොවූ අතර ඉතිහාසයේ සිටම වයඹ ප්‍රධාන අමාත්‍යංශයෙහි ඇල්ම බැල්ම යටතේ ජනකලාව පාලනය කෙරිණි. නමුත් මෑතකදී සිදු වූ අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදී සංස්කෘතික අමාත්‍යංශය මෙන්ම අ`ඵතින් නිර්මාණය කළ කලා කටයුතු අමාත්‍යංශයද ඇමැති සන්ධ්‍යගේ අමාත්‍යංශ මල්ලට එකතු කර තිබීම තුළ වයඹ ජනකලාවෙහි අයිතිය පිළිබදව දැන් දැන් ගැටඵ මතුවන්නට පටන්ගෙන තිබේ. ජනකලා කේන්ද්‍රය කෙරෙහි අණපනත් කිහිපයක් බලපැවැත්වීම මේ තත්වය තවත් බැරෑරූම් වන තැනට කටයුතු සලස්වා ඇති බවද අඵ යට ගිනි වෙත වාර්තා වෙයි. මින් එක් පනතක දැක්වෙන්නේ ජනකලා කේන්ද්‍රය වයඹ ප්‍රධාන අමාත්‍යංශය යටතේ පිහිටුවා ඇති ආයතනයක් බවය. තවත් පනතකින් කියැවෙන්නේ ජනකලා කේන්ද්‍රය සංස්කෘතික විෂය භාර අමාත්‍යවරයා යටතේ පිහිටුවා ඇති ආයතනයක් බවද කියැවයි. එබැවින් ඒ ඒ අමාත්‍යංශ සතු විෂයන් බෙදා හදා නිරවුල් කිරීමේ යුද්ධයක පැටලී සිටින වයඹ පළාත් සභාවේ නිලධාරීන් විසින් මේ දිනවල දැඩි උත්සාහයක යෙදී සිටින්නේ වයඹ ජනකලා කේන්ද්‍රය අයත් වන්නේ කවර අමාත්‍යවරයෙකු යටතේදැයි පැහැදිලි කර ගැනීම පිණිසය. ප්‍රධාන අමාත්‍යධූරය සතුව පැවැති විෂයන් සහ ආයතන ගණනාවක් අහිමි කර ගත් මහඇමැති ධර්මසිරි ජනකලා කේන්ද්‍රය ප්‍රධාන අමාත්‍යංශය යටතේම රදවාගැනීම පිණිස මාරාන්තික සටනක් ආරම්භ කර ඇති බවක් දැන් දැන් පෙනෙන්නට තිබේ.
නැතත් පුටුවේ වාඩි වී මාසයක් -නැගෙයි මහඇමැතිට එරෙහිව කැරැල්ලක්
පසුගිය අගහරුවාදා පැවැති පළාත් සභා රැස්වීමෙන් පසුව ධර්මසිරි විසින් හදිසි ආණ්ඩු පක්ෂ රැස්වීමක් කැදවා තිබිණි. අත්‍යාවශය කරුණු කිහිපයක් සාකච්ඡා කිරීම පිණිස කැදවා තිබූ මෙම සාකච්ඡාවේදී මුලින්ම ඇදුණේ පසුගිය සතියේ ‘අඵ යට ගිනි’ පිටුවෙන්ද හෙළි කළ දයාසිරි මහඇමැතිව සිටි කාලයේ හැදූ ලැයිස්තුවකට අනුව ඇමැති සන්ධ්‍ය විසින් දෙන්නට යන බව කියන රැකියා පත්වීම් පිළිබද ප්රශ්නයයි. කොළඹ පැවැත්වෙන උත්සවයකට සහභාගී වන්නට ගොස් සිටීම නිසා ඇමැති සන්ධ්‍ය මෙම රැස්වීමට සහභාගී වී නොසිටියේය. ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු ධර්මසිරිට ප්රශ්නය ගැන විස්තර කර දී සන්ධ්‍ය සමග කතා කර තමන්ටද සාධාරණය ඉටු වන විසදුමක් ලබා දෙන ලෙස ඉල්ලා සිටියහ. නමුත් ධර්මසිරිගෙන් මන්ත්‍රීවරුන් වෙත ලැබුණේ එතරම් යහපත් ප්‍රතිචාරයක් නොවේ. “මට ඔය ගැන කෙලින්ම කතාකරන්න බෑ. ඔයගොල්ලෝ ලියුමක් අත්සන් කරලා මට දෙන්න.” ධර්මසිරි කීය. ඊළගට කතා කළේ මන්ත්‍රී චන්දන යාපාය. ” මහඇමැතිතුමා. ගිය අවුරුද්දේ අයවැයෙන් මන්ත්‍රීවරුන්ගේ විදේශ සංචාරය සදහා මුදල් වෙන්කරලා තියෙනවා. ඒක නිසා ඒ මන්ත්‍රීවරුන්ට ඒ ගමන යන්න අවස්ථාව දුන්නොත් හොදයි. ” චන්දන කීය. ” බෑ, බෑ. විදේශ සංචාර යන්න එපා කියලා චක්‍රලේඛයක් ගහලා තියෙනවා.” ධර්මසිරි එකවරම දැක් වූ ප්‍රතිචාරය හේතුවෙන් මන්ත්‍රීවරුන්ගේ මුහුණු මැළැවී ගියේය. ” ඔය චක්‍රලේඛය දින සීයේ ආණ්ඩුව යටතේ හදපු එකක් නිසා ඒක දැන් වලංගු වෙන එකක් නෑ. අනිත් එක මන්ත්‍රීවරු රට යද්දී තමයි මාධ්‍යයයි, හැමෝම ඒ ගැන කතාකරන්නේ. පළාත් සභාවේ නිලධාරීන් ඕන තරම් රට යනවා. එතකොට කවුරුත් ඒ ගැන කතා කරන්නෙත් නෑ. ප්‍රශ්න අහන්නෙත් නෑ. ” චන්දන යාපා කීය. වාද විවාද මැද්දේ එලෙස ඇදී ගිය ආණ්ඩු පක්ෂ රැස්වීමේදී චින්තක මායාදුන්නේ සහ සමන්ප්රිය විසින් මතු කළ ප්‍රශ්න කිහිපයකදී ධර්මසිරි ප්‍රතිචාර දැක්වූ දැඩි ස්වභාවය මන්ත්‍රීවරුන්ට එතරම් ඇල්ලූවේ නැත. ඒ නිසාම රැස්වීමෙන් අනතුරුව වෙනත් තැනකදී එකතු වූ මන්ත්‍රීවරුන්ගේ සාකච්ඡාවට බදුන් වූයේ ධර්මසිරිගේ හැසිරීම පිළිබදවය. ” මහඇමැතිතුමා අපිත් එක්ක වැඩකරන හැටි නම් අන්තිමයි. සන්ධ්‍ය එක්ක පත්වීම් ප්‍රශ්නේ ගැන කතාකරන්න කියලා කියනකොට ලියුමක් අත්සන් කරලා දෙන්න කියලා ඉල්ලනවා. ප්‍රශ්නයක් ඇහැව්වම උත්තර දෙන්නේ ඇගට කඩාපැනලා වගේ .” මන්ත්‍රීවරයෙක් කීය. ”එයා දැන් අපිට ටුවර් එක යන්න දෙන්න බෑ කියනවා. මතකද ගිය පාර ? ටුවර් එක නැවැත්තුවාම ඔය හැම තැනකටම දුවලා පැනලා ඒක යන්න අවස්ථාව හදලාදුන්නේ ධර්මසිරිමයි. අද එයා වැඩකරන්නේ සම්පූර්ණයෙන්ම ඒකේ අනිත් පැත්තට. ” තවත් මන්ත්‍රීවරයෙන් කීය. ”මේ යන විදිහ නම් මට එච්චර අල්ලන්නේ නෑ. ඒක නිසා එන අයවැයේදී මම නම් මොනවා හරි තින්දුවක් ගන්නවා.” මේ කතාවට එකතු වී සිටි මන්ත්‍රී පාලිත රෝහණ කීය. ඒ අනුව මහඇමැති පුටුවේ අසුන්ගෙන මාසයක් යන්නටත් කලින් ධර්මසිරිට එරෙහිව කැරැල්ලක් දඵ දමමින් ඇති බවක් දැන් දැන් පෙනෙයි. නියපොත්තෙන් කඩාදැමිය හැකි හැකි ඒ දඵ කැබැල්ල පොරොවෙන් කපනා තැන දක්වා දුරදිග යවාගන්නේදැයි ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් දැන් ධර්මසිරි දෙස බලා සිටිති.
උපුටාගැනීම -මව්බිම පුවත්පත – ඔක්තෝම්බර් 08 වැනි බ්‍රහස්පතින්දා