Saturday, September 21, 2024

සජිත් චප්ප කර අනුරගේ රෙදි ගැලවූ ෆොනීගේ පාර්ලිමේන්තු කතාව

Must read

පහුගිය (19) වෙනිදා සමගි ජන බලවේගයේ සභාපති සරත් ෆොන්සේකා පාර්ලිමේන්තුවේදී සජිත්ගේ රෙදි සේරම එකින් එක ගැලෙව්වා.ඒ කතාව ෆොන්සේකාගේ ඉවසීමේ සීමාව ඉක්මවා යෑමක් විදිහටයි රටේ රාළ දකින්නේ, ගොඩක් අයට අනුව ෆොන්සේකා කියන්නේ කළබලකාරයෙක්.ඒක ඇත්ත වෙන්න පුළුවන්, හැබැයි ෆොන්සේකා කියන්නේ තමන්ට අනන්‍ය දේශපාලන මතවාදයක් එක්ක වැඩකරන කෙනෙක්.ෆොන්සේකා කියන විදිහට අවස්ථා කීපයකදීම ෆොන්සේකා විපක්ෂයේ ප්‍රධාන සංවිධායකගෙන් තමන්ගේ කතාවට වෙලාවක් ඉල්ලලා තියනවා.ෆොන්සේකාගේ කතාවට සජබය පැත්තෙන් වෙලාව හම්බ වෙන්නේ නැති හින්දා ෆොන්සේකා ආණ්ඩු පක්ෂය පැත්තෙන් වෙලාව ඉල්ලගෙන කතා කළා, ඒකේ ලොකු වරදක් දකින්න බෑ, සජබයේ ඉන්න කතාකාරයන්ට ආණ්ඩුවෙන් බාර් පර්මිට් ගන්න හොඳයි නම් ෆොන්සේකා තමන්ගේ මතය කියන්න ආණ්ඩුව පැත්තෙන් වෙලාවක් ගැනීම වරදදක් නෙවෙයි,

විපක්ෂයේ ප්‍රධාන සංවිධායකට උපදෙස් හම්බවෙලා තියෙන්නේ ෆොන්සේකගේ කතාවට වෙලාව දෙන්න එපා කියලයි,

එයාට ඒ උපදෙස් එන්නේ සජිත්ගෙන් මිස වෙන කාගෙන්වත් නෙවෙයි, ෆොන්සේකා කියන්නෙත් මහජන නියෝජිතයෙක්, එයාව විශ්වාස කරන ජන කොටසක් මේ සමාජයේ ඉන්නවා,ඒ ජනතාවගේ හඩ නියෝජනය කරමින් පාර්ලිමේන්තුවේ අදහස් දක්වන්න ෆොන්සේකටත් අවස්ථාවක් තියෙන්න ඕනි.ඒක ෆොන්සේකගේ අයිතියක් විතරක් නෙවෙයි ෆොන්සේකාට ඡන්දය දුන්න ලක්ෂ සංඛ්‍යාත ජනතාවකගේ අයිතියක්.සජිත් වේදිකාවල කතා කරන සුපිරි ප්‍රජාතන්ත්‍රවාදය සජබ ඇතුලේ නෑ කියලා සජබ සභාපති විසින්ම දැන් ඔප්පු කරලා තියනවා.

සජබ අයට කතා හම්බවෙන්නේ සජිත්ට කඩේ යනවා නම් විතරයි කියලයි ෆොන්සේකා කියන්නේ, නැත්තං නෝ කතා, නෝ සිනා, ඒ වගේ තත්වයක් යටතේ ෆොන්සේකා ඔය වගේ ප්‍රහාරයකට එන එක වළක්වන්න බෑ.සජිත්ගේ හැසිරිම දැන්මම ඔහොම නං සජිත් මේ රටේ ජනාධිපති උනොත්  මොනවයින් මොනවා වෙයිද, තනිකරම රණසිංහ ප්‍රේමදාසට හැදිලා තිබුණ උන්මත්තක බල වියරුවට,වඩා වියරුවක් සජිත්ට හැදෙනවා,

ෆොන්සේකාගේ පාර්ලිමේන්තු කතාවෙන් සජිත්ගේ සක්වල, හුස්ම, සසුනට අරුණ වැඩසටහන් කුඩුපට්ටම් වුනා, සජිත් වෙනුවෙන් ෆොන්සේකට උත්තර දෙන්න ආපු කිරිඇල්ලවත්, මුජිබර් රහුමාන්වත් ෆොන්සේකා නගන බරපතල චෝදනාවලට උත්තර දුන්නේ නෑ, ෆොන්සේකාට ජනාධිපති සිහිනය හැදිලා මේවා කරනවා කිව්වා මිසක් ෆොන්සේකා නගන චෝදනාවලට උත්තර දුන්නේ නෑ,ෆොන්සේකා කියන්නේ ජාවාරම්කාරයින්ගේ සහ කැසීනෝකාරයින්ගේ සල්ලි අරන් තමයි පාසැල්වලට සහ රෝහල්වලට සජිත් බඩු බෙදන්නේ කියලා, ඒක බරපතල චෝදනාවක්.දැන් සජිත් එහෙම නෑ කියලා වේදිකා උඩ ඉඳන් කෑගහලා වැඩක් නෑ,

එහෙම නෑ කියලා ඔප්පු කරලා පෙන්නන්න ඕනි, ෆොන්සේකා කරන ඒ චෝදනාවෙන් මිදෙන්න නමි සජිත් තමන්ගේ දේශපාලන ව්‍යාපෘතිවලට සල්ලි එන ක්‍රමය රටට පෙන්නන්න ඕනි.සජිත් සහ මාලිමාවේ චෝදනාවල හැටියට හොරු, කුඩුකාරයෝ, ජාවාරම්කාරයෝ, කොමිස්කාරයෝ, එතනෝල්කාරයෝ ඔක්කොම ඉන්නේ ආණ්ඩුවේ, ඒකනේ අනුරයි, සජිතුයි තරඟෙට කියන්නේ එයාලා ආවම හොරු අල්ලනවා කියලා.හැබැයි ෆොන්සේකාගේ මේ කතාවෙන් පස්සේ හොරු, කොමිස්කාරයෝ, ජාවාරම්කාරයෝ, කැසීනෝකාරයෝ විපක්ෂයෙත් ඉන්න බව පේනවා, සඡිත් පිටිපස්සේ ඉන්නෙත් ජාවාරම්කාරයෝ සහ කැසීනෝකාරයෝ බව සජබ සභාපතිම කියනවා නම් ඊට වැඩිය මොන කතාද.

රට පුරා අරක්කු බෙදන කෙනෙක්, නුඩ්ල්ස් දන්සල පිටිපස්සේ ඉඳන් අරක්කු බෙදන සජිත්ගේ ගෝලයෝ ගැන ෆොන්සේකා කියනවා, ෆොන්සේකා කියන විදිහට අනුරලා,සජිත්ලා ආණ්ඩුව පැත්තට එල්ල කරන හොරකමේ, දුෂණයේ, වංචාවේ චෝදනා විපක්ෂය පැත්තටත් අදාලයි, පහුගිය අවුරුදු දෙක ඇතුලේ රටට සල්ලි නැතිවුනාට විපක්ෂයට යහමින් සල්ලි තිබුණා, ඩොලර් තිබුණා, අති විශාල මුදලක් යොදවලා අනුර සහ සජිත් තමන්ගේ මැතිවරණ කැම්පේන් එක කළා, තවමත් කරනවා. සජිත්ගේ සක්වල වැඩසටහනෙන් පාසැල් දරුවන්ට විශාල සේවයක් වෙන බවත් අපිත් පිලිගන්නවා, හැබැයි ඒවා ජාවාරම්කාරයින්ගේ සල්ලි නමි, කැසිනෝකාරයින්ගේ සල්ලි නමි.

සජිත් මේ කරන්නේ සේවයක් නෙවෙයි බිස්නස් එකක්, ෆොන්සේකා කියන්නේ ඇත්ත නං සජිත් ජනාධිපති උනොත් මේ පාසැල්වලට කෙසේ වෙතත් අර ජාවාරම්කාරයින්ගේ නමි කල්ල මරේ තමයි, අනුර සජිත් වගේවත් තමන්ට ලැබෙන මුදල් කන්දරාවෙන් එක ශතයක් ජනතාවගේ පැත්තට දෙන්නේ නෑ, තනිකරම මේ වෙනකොට බිලියන ගණනක් අනුරගේ මැතිවරණ ප්‍රචාරක වැඩවලට වියදම් කරලා තියනවා. එදා මහින්දලා පාර වහලා තොරන් ගහලා කටවුට් දානකොට ඒ සල්ලි ජාවාරම්කාරයන්ගේ සල්ලි කියලා කියපු මාලිමාව අද ඒ වගේ දස ගුණයක් වියදම් කරලා තොරන් ගහනවා.

කටවුට් දානවා, රට පුරා පෝස්ටර් ගහනවා.මේසා විශාල ප්‍රචාරක වැඩක් කරන්න සජිත්ට හම්බ වෙන පඩියෙන් බෑ.ජලනිගේ සැලෝන් එකේ ආදයමෙනුත් බෑ.අනුරට හම්බවෙන පඩියෙනුත් බෑ.මාලිමාවේ තුන් දෙනාගේ පඩි එකතු කලත් බෑ.එහෙනම් සජබයට සහ මාලිමාවට අරමුදල් සපයන පිරිසක් ඉන්න ඕනි, සජිත් සහ අනුර නිතරම මූල්‍ය විනය ගැන කතා කරනවා,

හැබැයි ඒවා කතා විතරයි එයාලගේවත්, එයාලගේ පක්ෂවලවත් මූල්‍ය විනයක් ගෑවිලාවත් නෑ, එයාලට මේ අරමුදල් එන්නේ කොහෙන්ද කියලා රටට පැහැදිලි කරලා නෑ, මේ මුදල් එන්නේ ජාවාරම්කාරයන්ගෙන්ද, එතනෝල්කායන්ගෙන්ද, කැසිනෝකාරයන්ගෙන්ද එහෙමත් නැත්තමි කුඩු කාරයින්ගෙන්ද, නැත්තං කප්පම් විදිහටද කියලා දන්නේ අනුරයි, සජිතුයි විතරයි,

මේවා ජාත්‍යන්තර ඔත්තු සේවා හරහා හම්බ වෙන සල්ලිද කියන සැකයත් බරපතල විදිහට තියනවා, ෆොන්සේකා කියන්නේ තමන්ගේම පක්ෂ නායකයා වියදම් කරන සල්ල කැෂීනෝකාරයින්ගේ සල්ලි කියලයි,

අරමුදල්වල විනිවිදභාවයක් නැතිකම ගැන සජිත්ට විතරක් නෙවෙයි අනුරටත් බරපතල චෝදනාවක් එනවා, මාලිමාවේ නායකයින් අද ධනපති නායකයන්ටත් වඩා සුඛෝපභෝගී ජීවිත ගත කරනවා, එයාලා සතුව විශාල වත්කම් තියනවා, ඉතිහාසයේ ජවිපෙ හිටපු එයාලගේ ජීවිත ගැන, වත්පොහොසත්කම් ගැන,

රටේ රාළ A to Z දන්නවා, ජවිපෙ මේ නායකයන් සතු වත්කමක් සාධාරණ විදිහට උපයපු ඒවා නෙවෙයි, එයාලා ව්‍යාපාරය කළේ නැති බව මුළු රටම දන්නවා,

දිලිත් කියන්නේ ව්‍යාපාරිකයෙක්, දිලිත්ගේ ව්‍යාපාරය ගැන රටම දන්නවා, ඒක නිසා දිලිත්ගේ ඉපැයිම් පැත්ත එයාට රටට කියන්න පුලුවන්, හැබැයි ජවිපෙ කිසි කෙනෙක් ව්‍යාපාරය කරන්නේ නෑ, එහෙම නොකරන තත්වයක් යටතේ කෝට් හත් අටසීයේ අරමුදල් තියෙන්නේ කොහොමද ? ඒ අරමුදල් හොල්ලන්නේවත් නැතිව බිලියන ගණන් මේ දක්වා අනුරගේ කැමිපේන් එකට වියදම් කළේ කොහොමද ?

අනුරලා පහුගිය කාලේ අපේ රටේ ආයෝජනය කරන්න ආපු ඉන්දියානු සමාගම් වන අදානි, අම්භානි, අමුල් වගේ සමාගම්වලට දැඩි ප්‍රතිවිරෝධයක් දැක්වුවා, හැබැයි අනුරගේ ඉන්දියානු සංචාරයෙන් පස්සේ දැන් මීක් සද්ධයක් නෑ, අනුර ඉන්දියාවේදී මේ සමාගම්වල බළධාරීන් හම්බවුනා, අනුරලා නිහඩ කරන්න පුළුවන් මට්ටමේ එයාලත් එක්ක සිද්ධ උන ගනුදෙනුව මොකද්ද, අනුර සහ අනුරලාගේ වෘත්තීය සමිති ව්‍යාපාරය නිහඩ කරන්න තරමට,

සිද්ධ වුන ගනුදෙනුව මොකද්ද ? ඇත්තටම එහෙම ප්‍රශ්නයක් තියනවා,

සජිත්ගේ මේ ව්‍යාපෘතිවලට සල්ලි වියදම් කරන්නේ කොටිපති ව්‍යාපාරික ලක්ෂමන් ෆොන්සේකා කියලයි කිව්වේ, දැන් ෆොන්සේකා ඒවා කැසීනෝ සල්ලි කියලා කියනවා,

ප්‍රශ්නය තියෙන්නේ යහපත් විදිහට උපයපු මුදල් නම් ඇයි ඒ ගැන රටට කියන්න බැරි. ඇයි ඒවා විගණනයට ලක් කරන්න බැරි, ෆොන්සේකාගේ පාර්ලිමේන්තු කතාවෙන් සජිත් විතරක් නෙවෙයි අනුර කුමාරත් වහගෙන ඉන්න අඳුරු කලාප ගැන ප්‍රශ්න කෙරෙනවා.ඇත්තටම ඒවා හෙලිදරව් වෙන්න ඕනි. හරි එහෙනම් ගිහින් එන්නම්.

ජයවේවා,මීට, රටේ රාළ.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article