Monday, November 18, 2024

වෛද්‍ය ප‍්‍රදර්ශණය බලන්න යනවා නම් මේ ටිකත් කියවලාම යන්න.

Must read

පේරාදෙණිය විශ්ව විද්‍යාලය විසින් සංවිධානය කරනු ලබන 8 වැනි වෛද්‍ය ප‍්‍රදර්ශණය හෙටින් (31 දා ) අවසන් වෙයි.

ප‍්‍රදර්ශණයේ අවසන් දින දෙක තුළ අතිවිශාල ජනකායක් ප‍්‍රදර්ශණය එය නැරඹීමට පැමිණෙතැයි එහි සංවිධායකයින් විසින් අපේක්ෂා කරන බැවින් නරඹන්නන් මෙන්ම ප‍්‍රදර්ශණ සංවිධායකයින්ද අපහසුතාවයට පත්නොවී ප‍්‍රදර්ශනය නැරඹීමට පහසු වන ඉගි කිහිපයක් පහත දැක්වෙයි.

01. මෙම වෛද්‍ය ප‍්‍රදර්ශණය A, B, C, D, E, F, G සහ H ලෙස කොටස් අටකට බෙදා වෙන් කර ඇති අතර A කොටසින් මිනිස් සිරුරේ ව්‍යුහය හා ක‍්‍රියාකාරීත්වයත්, B කොටසින් ප‍්‍රජනක සෞඛ්‍ය , උපතට පෙර ජීවිතය , ළමා වියට පියනැගීම, නව යොවුන් සෞඛ්‍ය සහ මානසික රෝග පිළිබදවත්, C කොටසින් අධිකරණ වෛද්‍ය විද්‍යාව සහ අප ලෙඩවන හැටි සහ ඒවාට ප‍්‍රතිකර්ම පිළිබදවත්, D කොටසින් බෝ වන රෝග සහ බෝ නොවන රෝග පිළිබදවත්, E කොටසින් ශල්‍ය වෛද්‍ය විද්‍යාව පිළිබදවත්, F කොටසින් ප‍්‍රජා සෞඛ්‍ය , ප‍්‍රථමාධාර සහ හදිසි සත්කාර මෙන්ම ක‍්‍රීඩා වෛද්‍ය විද්‍යාව පිළිබදවත් , G කොටසින් වැඩිමහඵ සත්කාර, අනෙකුත් රෝග සහ පර්යේෂණ පිළිබදවත්, H කොටසින් මුඛ සෞඛ්‍ය පිළිබදවත් විස්තර කෙරෙයි.

02. මෙම ප‍්‍රදර්ශන කුටි එකකට එකක් සම්බන්ධ නොවන අතර ඔබේ කැමැත්ත පරිදි ඕනෑම එකකින් ප‍්‍රදර්ශණය නැරඹීම ආරම්භ කළ හැකිය.

03. මිනිස් සිරුරේ ව්‍යුහය හා ක‍්‍රියාකාරීත්ව පිළිබදව විස්තර කෙරෙන A ප‍්‍රදර්ශන කුටිය, අධිකරණ වෛද්‍ය විද්‍යාව පිළිබදව විස්තර කෙරෙන C ප‍්‍රදර්ශන කුටිය සහ ශල්‍ය වෛද්‍ය විද්‍යාව පිළිබදව විස්තර කෙරෙන E ප‍්‍රදර්ශන කුටිය මෙම ප‍්‍රදර්ශණයේ දැඩි තදබදයක් පවතින ප‍්‍රදර්ශණ කුටි වන අතර ඒවාට ඇතුඵවීම සදහා සෑම අවස්ථාවකම දිගු පෝලිමක් දැක ගත හැකිය.

04. වැඩි තදබදයක් සහිත මෙම ප‍්‍රදර්ශණකුටි නැරඹීම අවසානයට තබා ගෙන ප‍්‍රදර්ශණයේ අනෙක් කුටි නරඹා අවසන්කිරීමෙන් ඔබට කාලය ඉතිරිකරගැනීම මෙන්ම ප‍්‍රදරශණය නැරඹීම එපාවීමෙන්ද වැළැකිය හැකිය.

05. මෙම ප‍්‍රදර්ශනය සදහා යොදාගෙන ඇති මෘතශරීර ඡායාරූප ගත කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කර ඇත්තේ අදාළ පුද්ගලයින්ගේ අනන්‍යතාවය සුරැකීමට සහ මතු පරපුරේ නුවණැස පෑදීම පිණිස සිය සිරුරු පරිත්‍යාග කළ පුද්ගලයින්ට ගෞරව කිරීම හැම අයෙකුගේම යුතුකමක් වන බැවිනි. මාධ්‍යවේදීන්ට පවා අදාළ මෘතශරීර සහිත දර්ශණ රෑගත කිරීමට අවසර ලබාදී ඇත්තේ විධිමත් අවසරයකින් සහ අවස්ථානුකූලව පමණි. එබැවින් මෙම මෘතශරීර ඡායාරූප ගතකිරීමෙන් හෝ ඒවා ඉදිරිපිට සෙල්ෆි ඡායාරූප ගැනීමෙන් වළකින්න. මෙම මෘතශරීර හොරෙන් හෝ ඡායාරූපගත කිරීමට උත්සාහ කරන පිරිස් නිසා තමන් වෙත පැවරී ඇති සැබෑ කාර්යය කරගත නොහැකිව වෛද්‍ය සිසු සිසුවියන් දැඩි අපහසුතාවයකට පත් වී සිටින බව තරයේ මතක තබාගන්න.

06. මෙම ප‍්‍රදර්ශනකුටිවල විස්තර කිරීමේ යෙදී සිටින්නේ තවමත් අධ්‍යන කටයුතුවල යෙදී සිටින වෛද්‍ය සිසුන් මිස විශේෂඥ වෛද්‍යවරුන් නොවන බව තරයේ සිහිතබාගන්න. ඔබට පවතින බරපතල රෝගාබාධ ගැන දිගින් දිගටම ඔවුන්ගෙන් විමසමින් එම ස්ථානයන්හි රැදෙන්නට යාමෙන් ඔබ විසින් නාස්ති කර දමන්නේ එම සිසු සිසුවියන්ගේ කාලය මෙන්ම ප‍්‍රදර්ශනය බැලීමට පැමිණි දහස් ගණනකගේ අවස්ථාව බවද සිහිතබාගන්න.

07. ප‍්‍රදර්ශණ කුටිවල විස්තර කිරීමෙහි යෙදී සිටින වෛද්‍ය සිසු සිසුවියන්ගෙන් වැඩිදුර පැහැදිලි කිරීමක් අවශ්‍ය නම් හැකිතරම් කෙටියෙන් සහ නිරවුල්ව එය පැහැදිලි කරවාන්නට මානුෂික වන්න. මන්ද මේ වන විට දින හයක් තිස්සේ ලක්ෂ සංඛ්‍යාත පිරිසකට ඔවුන්‍ගේ මුවින්ම පැහැදිලි කරදීම් සිදුකර දී ඇති මෙම වෛද්‍ය සිසු සිසුවියන් දිගින් දිගටම පීඩාවට පත් නොකිරීමට
මිනිසත්කමට නොගැලපෙන බැවිනි.

08. මෙම ප‍්‍රදර්ශනය පිළිබද විස්තර ඇතුළත් සමරු කලාපයක් රුපියල් 10 කට ප‍්‍රදර්ශණ කුටිවලදී මිලදී ගත හැකි අතර ඒ සමරු කලාපයෙහි ප‍්‍රදර්ශනය පිළිබද වටිනා විස්තර ගණනාවක් ඇතුළත් කර තිබේ.

09. මෙහි ප‍්‍රජනක සෞඛ්‍ය කුටියෙහි වයස අවුරුදු 18 වැඩි අයට සීමා කළ ප‍්‍රදර්ශණ කුටියක් සකස් කර ඇති අතර එයින් දැනුවත් කෙරෙන්නේ සාර්ථක ලිංගික ජීවිතයක් පවත්වාගැනීමට අවශ්‍ය කරුණු කාරණා වන අතර ඔබ පවුල් පිටින් ප‍්‍රදර්ශණය නැරඹීමට යන්නේ නම් අදාළ ප‍්‍රදර්ශණය කුටිය නැරඹීම කළමණාකරණය කරගැනීමට ඔබට සිදු වෙයි.

10. ප‍්‍රදර්ශණ භූමිය තුළ පානීය ජල පහසුකම් සපයා ඇතත් නිවසින් ජල බෝතලයක් රැගෙන යාම වඩාත් සුදුසු බව අපේ හැගීමයි.

11. මෘතශරීර කල්තබා ගැනීමට යොදා ඇති රසායනික ද්‍රව්‍යයන්වලින් නිකුත් වන සැර ඉවසා සිටීමට ඔබට ඇතැම් ප‍්‍රදර්ශන කුටිවලදී සිදු වෙයි. එබැවින් අදාළ තත්වයන් කෙරෙහි අසාත්මිකතාවයන් හෝ අපහසුතාවයන් දක්වන අය ඒ පිළිබද සැලකිල්ලෙන් කටයුතු කරන්න.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article