Sunday, January 19, 2025

වෙන්ප්පුව අවට කැස්බෑ මස් හිගයක් නැති හේතුව හෙළි වෙයි

Must read

‍ෙ  IMG_1352_1 IMG_1325_1 - Copyවෙන්නප්පුව උල්හිටියාව ප්‍රෙද්ශයේදී  කැස්බෑවන් 24 දෙනෙකුව ඝාතනය කර මසට සූදානම්  කරමින් සිටි පුද්ගලයින් තිදෙනෙකුව  පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. මෙම පුද්ගලයන් අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර රුපියල් ලක්ෂ 01 බැගින් වන ශරීර ඇප මත මුදා හැරීමට මාරවිල වැඩ බලන මහේස්ත්‍රාත්වරයා 25 වැනිදා සවස නියම කර ඇත.

මොවුන්  වෙන්නප්පුව – උල්හිටියාව පදිංචිකරුවන් දෙදෙනෙකු හා  මාරවිල කටුනේරිය ප්‍රදේශයේ පදිංචිකරුවන් බව වාර්තා වේ.වෙන්නප්පුව මුහුදු තීරය තුළ නිරන්තර ඇතැම් පුද්ගලයින් විසින් කැස්බෑ දඩයම සිදු කරන බව ප්‍රදේශවාසීන් පවසති. එමෙන්ම කුකුල් මස් අළෙවි කරන ස්ථාන වල රහසේ කැස්බෑ මස් අළෙවි කරනු ලබයි.

මුහුදෙන් අල්ලාගෙන ඇති කැස්බෑවන් තොගයක් වෙන්නප්පුව – උල්හිටියාව වෙරලේ මස් කරමින් සිටින බවට 25 වැනිදා පෙරවරුවේ වෙන්නප්පුව විශේෂ කාර්යංශයට තොරතුරක් ලැබී ඇත. එම තොරතුර අනුව වෙන්නප්පුව පොලීසියේ නිලධාරීන් විසින් වැටලීම සිදු කර ඇත.පොලිස් නිලධාරීන් වැටලීම සිදු කරන විට සැකකරුවන් කැස්බෑවන් මස් කරමින් සිට ඇත. මුහුදේ සිට කැස්බෑවන් ගොඩබිමට ගෙනා බව කියන සැකකරුවා ඒ සදහා යොදා ගත් බෝට්ටුවෙන්ම පලා ගොස් ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සතුව තිබී කැස්බෑ මස් කිලෝ ග්‍රෑම් 75 යි ග්‍රෑම් 500 ක්ද ආයුද කීපයක්ද පොලිස් බාරයට ගෙන ඇත.

මෙම නඩුව ලබන 31 වැනිදා නැවත කැදවීමටද වැඩ බලන මහේස්ත්‍රාත්වරයා විසින් නියම කරන ලදි.IMG_1325_1 - Copy IMG_1342 - Copy


ජූඩ් සමන්ත

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article