Sunday, January 19, 2025

වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ සේවක අතිරික්තයක් තිබෙන බව විඝනන වාර්තාවකින් හෙළිවෙයි

Must read

D96Qo8KU8AAvkR5(17.07pm) 2020  ජනවාරි මස වෙන්නප්පුව ප්‍රාදේශීය සභාව රැස්වීම් වාරයේදී විපක්ෂය විසින් විරෝධතාවයක් දක්වන ලදී. 2019 දී ජුනි මස මාසික අභ්‍යන්තර විඝනන වාර්තාව සභාගත නොකිරීමත් සභාවේදි විපක්ෂයේ මන්ත්‍රීවරුන් ප්‍රකාශ කරන කරුනු නිවරදිව සභා වාර්තාවට ඇතුළත් නොවීමත් මෙම ප්‍රධාන චෝදනා අතර විය. 2019 ජුනි මස නිකුත් කර ඇති විඝනන වාර්තාවේ හෙළදරව් වන කරුණු වලින් පිළිගත් ක්‍රමවේදයට පිටින් අතිරික්ත සේවක සේවිකාවන් ප්‍රමාණයක් ප්‍රාෙද්ශීය සභාවට බදවාගෙන වැටුප් ලබන බවත් හෙළිවන බවත්  මෙම විඝනන වාර්තා සභා ගත නොකිරීම වංචාවක් බවත්  දිගින් දිගටම තමා විසින් සභාගතකරන ප්‍රශ්න නිවරදිව වාරතා නොවීම සැලසුම්සහගතව සිදුකරන බවත්  ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී ටී.බී.ඩී. ඇන්ටන් කුමාර මහතා විසින්  ප්‍රකාශ කරන ලදී.  මේ වනවිට  මෙම සභාවාරය ගාන සදහන් වන සභා වාර්තාව නිවරදිව වාර්තා කර ඇති බවත් ඒ සමගම 2019 ජුනි මස විඝනන වාර්තාවද අමුණා එවා ඇති බවද විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් වාර්තා වේ.  වෙන්නප්පුව ප්‍රාෙද්ශීය සභාවේ මීළග සභාවාරය හෙට (13) වනදා පැවැත්වීමට නියමිතය.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article