මිය ගොස් ඇති පිරිමි අයෙකුගේ සහ කාන්තාවකගේ මල සිරුර දෙකක් ඇල මාර්ගයක තිබී හමුවී තිබේ. මෙම සිරුරු පිලිබදව පොලීසියට තොරතුරු ලැබී ඇත්තේ 11 වැනිදා දහවලදිය. මිය ගොස් ඇති පුද්ගලයන්ගේ වයස අවුරුදු 45 – 55 අතර වන බවට පොලීසිය සැක කරයි. දින 03 කට පමණ පෙර මෙම දෙදෙනා මිය ගොස් ඇති බවට සැකකරන බවත් සිරුර හඳුනා ගැනීමට නොහැකි ආකාරයට විකෘති වී ඇති බවත් වෙන්නප්පුව පොලීසිය සඳහන් කරයි.
පසුගිය දිනවල තිබූ අයහත් කාලගුණය සමග ජලයට වැටී මෙම දෙදෙනා මිය ගියේද?එසේත් නැත්නම් වෙනත් හේතුවක් අනුව මරණය සිදුවී ඇද්ද යන්න මෙතෙක් අනාවරණය වී නැත.කෙසේ වෙතත් පසුගිය දින කීපය තුළ අතුරුදහන්වී ඇති කිසිවෙකු සම්බන්ධයෙන් තොරතුරක්ද පොලීසියට ලැබී නැත. මෘත ශරීර දෙක මාරවිල මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ තැම්පත් කර ඇත.වෙන්නප්පුව පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු කරගෙන යයි.