Sunday, November 24, 2024

විසි දහසක අල්ලසක් ගනිද්දී නිකවැරටිය විදුලි අධිකාරිත් අල්ලයි !

Must read

nikawratiya_eb_bribery

නිකවැරටිය, හීලෝගම ප්‍රදේශයේ පිහිටි සත්ව ආහාර නිෂ්පාදන කර්මාන්ත ශාලාවකට විදුලිය ලබාදීම වෙනුවෙන් එහි හිමිකරුගෙන් රුපියල් විසි දහසක අල්ලස් මුදලක් ලබාගනිමින් සිටි බව කියන නිකවැරටිය ප්‍රාදේශීය විදුලි අධිකාරිවරයා, අල්ලස් හා දූෂණ විමර්ශණ කොමිසමේ නිලධාරින් විසින් ඊයේ ( 09 දා) පස්වරුවේ කුරුණෑගලදී අත්අඩංගුවට ගනු ලැබීය.

මෙලෙස අත්අඩංගුවට ගනු ලැබුවේ ප්‍රියන්ත ජනකලාල් සේනානායක නැමැති 52 හැවිරිදි පුද්ලයෙකි. අත්අඩංගුවට ගත් විදුලි අධිකාරිවරයා අලව්ව, මහරච්චිමුල්ල, වෑත්තෑව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වෙයි.

අදාල සත්ව ආහාර නිෂ්පාදන කර්මාන්ත ශාලාවේ හිමිකරු විසින් තම කර්මාන්ත ශාලාව සදහා තෙකලා විදුලි සැපයුමක් අවශ්‍ය බවට නිකවැරටිය ප්‍රාදේශීය විදුලි කාර්යාලයෙන් ඉල්ලීමක් කර ඇති අතර සැකකාර විදුලි අධිකාරිවරයා විසින් යම් යම් හේතු දක්වමින් එම සැපයුම ලබාදීම ප්‍රමාද කර ඇති බව වාර්තා වෙයි. ඉන් අනතුරුව සැකකරු විසින් අදාල විදුලි සැපයුම ලබාදීම සදහා ව්‍යාපාරිකයාගෙන් රුපියල් විසි දහසක අල්ලසක් ඉල්ලා ඇති අතර ව්‍යාපාරිකයා විසින් ඒ පිළිබදව අල්ලස් හා දූෂණ විමර්ශණ කොමිසම වෙත පැමිණිලි කර තිබේ. ඊයේ පස්වරු 5.30 ට පමණ සිය නිල රථයෙන් කුරුණෑගල, වැව රවුමේ පිහිටි රන්තලිය තානායම හන්දියට පැමිණ ඇති විදුලි අධිකාරිවරයා පැමිණිලිකාර ව්‍යාපාරිකයාගෙන් අල්ලස් මුදල ලබාගනිමින් සිටියදී අල්ලස් හා දූෂණ විමර්ශණ කොමිසමේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් විදුලි අධිකාරිවරයා අද (10 දා) අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article