Friday, November 22, 2024

විශ්වාසභංගයේ මහ මෙහෙයුම්කරු පළාත් සභාවේදී පුටුව කඩාගෙන බිම වැටෙයි ! (ඡායාරූප)

Must read

sumith_downවයඹ ආණ්ඩුකාර අමරා පියසීලී රත්නායක මහත්මියට එරෙහිව වයඹ පළාත් සභාවේ ආණ්ඩු පක්ෂය විසින් විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ ඊයේ දිනයේදී ආණ්ඩු පක්ෂ මන්ත්‍රි සුමිත් රාජපක්ෂ මහතා වාඩි වී සිටි පුටුව කඩාවැටී මන්ත්‍රීවරයා බිම ඇදගෙන වැටීම සුවිශේෂි සිදුවීමක් විය.

බිම ඇදගෙන වැටුණු මන්ත්‍රිවරයාට අත දී නැගිට්ටුවීමට ආණ්ඩු පක්ෂයේ අනෙකුත් මන්ත්‍රීවරුන් වහා කටයුතු කළහ.

වඩාත් සුවිශේෂිම සිදුවීම වන්නේ ආණ්ඩුකාර අමරා පියසීලී රත්නායක මහත්මියට එරෙහි විශ්වාසභංග යෝජනාවක් ගෙනඒමට දැඩි පරිශ්‍රමයකින් කටයුතු කළ මන්ත්‍රීවරයා මෙන්ම එම යෝජනාව ඊයේ දිනයේදී සභාවට ඉදිරිපත් කිරීමට නියමිතව සිටි මන්ත්‍රීවරයා සුමිත් රාජපක්ෂ මහතාවීමය.

සුමිත් රාජපක්ෂ මහතා බිම ඇදගෙන වැටුණු අවස්ථාව දැක්වෙන ඡායාරූප පෙළ පහත දැක්වෙයි. sumith_down_2 sumith_down_1 sumith_down_3 sumith_down_4

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article