හලාවත ජයබිම ගම්මානයේ ජනතාවගේ ප්රයෝජනයට දැමු මාර්ගයක විදුලි බල මණ්ඩලයේ බරවාහන ගමන් කිරිම නිසා එම මාර්ගයට හානි වේයැයි ගම්වාසින් විරෝධය පල කිරිමේ දි ගමේ අය හා විදුලි බල මන්ඩලයේ සේවකයින් අතර ඊයේ ( 30 දා ) ගැටුමක් ඇතිවිය. මෙම ගැටුම ලේ වැගිරිමක් දක්වා නොගොස් වලක්වාගැනීමට හලාවත පොලීයේ මැදිහත්වීමෙන් හැකිවී තිබේ.
1972 සම්මත වු ඉඩම් සීමා කිරිමේ පනත මත හලාවත ජයබිම ගම්මානයේ පිහිටි මිලිසන්ට් වත්තෙන් අක්කර පහක බිමක් ඉඩම් ප්රතිසංස්කරණ කොමිෂම වෙත පවරා ගත් අතර පසුව එම ඉඩමෙහි ප්රදේශයේ ඉඩම් නොමැති පවුල් වෙත කොටස් කර බෙදා දෙනු ලැබීය.
ඒ අතර ජනපදවාසිනගේ ප්රයෝජනය පිණිස අක්කර දෙකක භුමි භාගයක් වෙන් කළ අතර ඒ තුළ ක්රිඩා පිටියක් පහ පොදු කටයුතු පවත්වා ගෙන යාමට ගම්වාසින් අවසර ලබා ඇත. මේ අතර පසුව මෙහි ඉඩම් කොටසක විදුලි බල මණ්ඩලයේ පාරිභෝගික සේවා පවත්වා ගෙන යන කාර්යාලයක් පවත්වා ගෙන යාමට ගොඩනැගිලි කිහිපයක් ඉදි කළ අතර පසු කාලයේ දි එම ගොඩනැගිලි ප්රයෝජනයට නොගත් අතර මෑතක පටන් යළි විදුලි බල මණ්ඩලයේ කොන්ක්රිට් ලයිට් කණු මෙහි ගෙනැවිත් තැන්පත් කිරිමට බර වාහන යොදා ගත් නිසා ගම්වාසින් ඊට දැඩි ලෙසින් විරෝධය පල බවත් සමහරු කිසිවකුටත් ඇතුළු වීමට ඉඩ නොදෙමින් මාර්ග අවහිරතාවන් ඇති කර දැන්විම් පුවරුවක්ච සවි කර ඇත. ගම්වාසිනගේ එම කිසිදු විරෝධතාවක් නොතකා විදුලි බල මණ්ඩලය අද ( 30 දා ) උදේ කොන්ක්රිට් කණු පටවා ගත් බරවාහන තුනක් මෙම කොන්ක්රිට් පාර දිගේ පැමිණ ඇත ටම් මගින් කොන්ක්රිට් පාර ට දැඩි ලෙසින් හානි වන බව කියමින් ගම්වාසින් සිය විරෝධය පල කළ අතර එහිදි විදුලි බල මණ්ඩලයේ සේවකයින් හා ග්මවාසින් අතර ගැටුමක් හට ගත් නමුත් සිද්ධිය දැන ගත හලාවත පොලිසියේ නිලධාරින් කණ්ඩායමක් වහාම සිද්ධිය වු ස්ථානය කරා පැමිණ දෙපාර්හවය හා කතා බහ කර මේ සම්බන්ධයෙන් සියළු පාර්ශව ගෙන්වා පසුව සාකච්චාවක් පවත්වා නිශ්චිත තීරණයක් ගැනීමට දෙපාර්ශවයම එකග කරවා ගෙන ඇත . ඒ අනුව විරෝධතාවකට ආ ගම්වාසින් විසිර ගියහ.
හලාවත ඔගස්ටින් ප්රනාන්දු.