Saturday, November 23, 2024

වැහි අස්සේ අලිත් මරති.

Must read

විදුලි සැර වද්දවා ඝාතනය කරනු ලැබූ වල් අලින් දෙදෙනෙකුගේ මළ සිරුරු දෙකක් පුත්තලම කල්අඩිය ප්‍රදේශයේ පිහිටි වගා බිමකදී තිබියදී අද උදෑසන ප්‍රදේශවාසීන් විසින් සොයාගනු ලැබූහ.

මෙම අලින් දෙදෙනා කල්අඩිය හා ඒ අවට ප්‍රදේශවල කලක් තිස්සේ සැරිසරමින් සිටින වල් අලිරංවුවක සිටි අලින් දෙ‍දෙනෙකු බව ප්‍ර‍දේශවාසීහු කියති.

අද උදෑසන මෙම වගාබිම වෙත පැමිණි අනුරාධපුර වනජීවි කොට්ඨාශයේ පශු වෛද්‍ය චන්දන ජයසිංහ මහතා විසින් අලින්ගේ සිරුරු කපා පරීක්ෂාවට ලක් කිරීමෙන් අනතුරුව අධිබලැති විදුලිසැර වැද්දවීමෙන් මෙම අලින් දෙදෙනා ඝාතනය කර ඇති බවට අනාවරණය කර ගත්තේය. මරාදැමුණු අලින් දෙදෙනා වයස අවුරුදු 30 – 35 පමණ වයස්වල පසුවන බවද ‍ පශු වෛද්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

අලින් දෙදෙනා මියගොස් සිටි වගා භූමිය ඊයේ රාත්‍රියේ අලින් විසින් විනාශ කර තිබූ අයුරු දැකගත හැකි වූ අතර එහි තිබූ කෙසෙල්, පොල් ඇතුඵ වගාවන් රැසක්ද අලින් විසින් සහමුලින්ම වනසා දමා තිබිණි.

පුත්තලම – නලින් හෙන්දුරුගොඩkalladi_ali2 kalladi_ali1

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article