වර්තමාන රජය විසින් ලංකාව පුරා වැලි ප්‍රවාහනය කිරීමේ බලපත්‍ර වලට පනවා තිබූ සීමාව ලිහිල් කිරීමෙන් පසු දිවයිනේ බොහෝ ප්‍රෙද්ශ වල සීමා රහිතව ගංගා ආශ්‍රිතව වැලි ගොඩදැමීම නැවතත් ආරම්භ කරන ලදී. දැදුරු ඔය ආශ්‍රිතව ඇති පුත්තලම දිස්ත්‍රික්කය තුළ ද මේ වනවිට මහා පරිමානව වැලි ගොඩදැමීම සිදුවෙයි. මේ සදහා දේශපාලකයින්ගේ ද සෘජු සහයෝගයක් තිබෙන බව ජනතාව චෝදනා කරන අතර, පුත්තලම් දිස්ත්‍රික්කයේ ස්ථාන කීපයකදීම ප්‍රෙද්ශයේ ජනතාව මෙම වැලි ඡාවාරම්කරුවන් සමග ගැටුණ අවස්ථාද දක්නට ලැබුණි.
ආරච්චිකට්ටුව ප්‍රාෙද්ශීය සභා මන්ත්‍රීවරයෙකු සහ , වයඹ හඞ පරිසර සංවිධානයේ ක්‍රියාකාරිකයෙකු වන අජිත් ගිහාන් ප්‍රනාන්දු මහතා විසින් මේ දිනවල දැදුරු ඔයආශ්රිතව සිදුකරන වැලි ගොඩදැමීම පිලිබදව සිදුකරන හෙළදරව්වක්
සබැදි ලිපි
මාධ්‍යවේදියාට පහරදී පැනයාමට ගිය වැලි හොරුන්ට ගම්වාසීන්ගෙන් පාඩමක්
දැදුරු ඔයේ නීති විරෝධී වැලි ගොඩදැමීම් , අනවසර ඉදිකිරීම් ජයටම ?