Sunday, November 24, 2024

වැලි ප්‍රවාහනයට බාධා ඉවත් වූ පසු නැවතත් දැදුරු ඔයේ වැලි කැපීම ඇරඹෙයි

Must read

viber image 2019-03-27 , 17.41.23
(1.22pm) ඊයේ (11) පාන්දර 1.00ට පමණ දැදුරු ඔයේ වැලි ගොඩදැමිමක්  සිදුවූ බවත් පොලීසිය එම ස්ථානයට යන විට පුද්ගලයන් හතරදෙනෙකු පලාගිය අතර එක් පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව පල්ලම පොලිසියි පවසයි. මෙම වැලි ගොඩදැමිම සිදුවී ඇත්තේ පල්ලම – කරත්තමංකඩ යන ප්‍රෙද්ශයේදීය.  මීට පෙර එම ස්ථානයේ සිට ටිපර් රථ කීපයකින් වැලි ප‍්‍රවාහනය කරන බවට පොලීසියට තොරතුරු ලැබුණ ද ප‍්‍රවාහනයේ දී එම වාහන සම්බන්ධයෙන් නීතිමය ක‍්‍රියාමාර්ග ගත නොහැකි බව එම පොලිස් නිළධාරීන් පවසයි.අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
රජය මගින් වැලි ප්‍රහානයේ නීති ලිහිල් කළ පසු ප‍්‍රවාහනයට ඇති බාධා ඉවත් වී දැදුරු ඔයේ වැලි ගොඩදැමීම්  සීඝ්‍රෙයන් වැඩිවී ඇති  බව ප්‍රෙද්ශවාසීන් පවසති. ශ්‍රේෂ්ඨාධිකරණය මෙයට වසර පහකට කලින්  දැදුරු ඔයේ වැලි ගොඩදැමීම තහනම් කරමින් නියෝගයක් නිකුත් කරන ලද අතර එම නියෝගය ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කිරීමේ වගකීම පොලිසිය වෙත පවරා දී තිබේ.

 

 

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article