Sunday, January 19, 2025

වැරදි තැනකට ඇවිත් සිටි යෝධ කිඹුලෙකුට වනජීවියේ පිහිටෙන් කදිම නවාතැනක් !

Must read

හලාවත ,ඉරණවිල මුහුදේ පාවෙමින් සිටි දැවැන්ත කිඹුලෙකු ප්‍රදේශවාසීන් විසින් අල්ලාගෙන වන ජීවි නිලධාරින් වෙත භාරදීමෙන් පසුව විල්පත්තුව වනෝද්‍යානය වෙත මුදාහරිනු ලැබීය.

අඩි 15 යි අගල් හයකට ආසන්න දිගකින් යුත් මෙම මෙම දැවැන්ත කිඹුලා ඉරණවිල මුහුදේ පාවෙමින් සිටියදී ප්‍රදේශවාසී තරුණයින් පිරිසක් විසින් ඊයේ (23 දා) අල්ලාගෙන නවගත්තේගම වන ජීවි කාර්යාලය වෙත භාර දී තිබිණි. අඩවි සහකාර එච්.ඒ චන්ද්‍රසිරි මහතාගේ මෙහෙයවීමෙන් දැඩි පරිශ්‍රමයකින් පසුව කැබ් රථයක නංවා ගත් මෙම කිඹුලා විල්පත්තුව වනෝද්‍යානය වෙත රැගෙන ගොස් එහි පිහිටි විශාල විල්ලුවක් වන පෙරිය නාග විල්ලුව වෙත මුදාහරිනු ලැබීය. මෙම කිඹුලාගේ ප්‍රමාණය කෙතරම්දැයි කිවහොත් කිඹුලා කැබ් රථයට පැටවූ විට එහි පිටුපස කොටස සම්පූර්ණයෙන්ම කිඹුලාගෙන් වැසී ගොස් තිබිණි.

පුත්තලම දිස්ත්‍රික් වන ජීවි සහකාර අධ්‍යක්ෂක ඩබ්ලිව්.එම්. එස් කේ .චන්ද්‍රරත්න මහතා ප්‍රකාශ කළේ මෙරට වන ජීවි නිලධාරින්ට හමු වු දිගින් හා බරින් වැඩි කිඹුලන් අතරින් දෙවැනි ස්ථානයට මෙම කිඹුලා හිමිකම් කියන බවය.

පුත්තලම හිරාන් ප්‍රියංකර ජයසිංහ

iranawila_crocadile6 iranawila_crocadile5 iranawila_crocadile2 iranawila_crocadile1 iranawila_crocadile3 iranawila_crocadile8 iranawila_crocadile7 iranawila_crocadile4

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article