Friday, November 22, 2024

වල් අලියෙක් එළවන්න ආණ්ඩුවෙන් ලක්ෂ තුනහමාරක් !

Must read

Sri-Lankan-wild-elephantsකුරුණෑගල දිස්ත්‍රික්ක‍ය තුළට කඩාවැදී සිටින වල් අලින් අල්ලා වෙනත් ප්‍රදේශයකට ප්‍රවාහනය කිරීම සදහා එක් අලියෙකු වෙනුවෙන් රුපියල් තුන් ලක්ෂ පනස් දහසක මුදලක් රජය විසින් වෙන් කර ඇති බව අභ්‍යන්තර, වයඹ සංවර්ධන සහ සංස්කෘකික කටයුතු අමාත්‍ය එස්. බී. නාවින්න මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ වයඹ පළාත් ශ්‍රවණාගාරයේදී පසුගියදා පැවැති කුරුණෑගල දිස්ත්‍රික් සාහිත්‍ය උත්සවය අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ එස්. බී. නාවින්න මහතා මෙසේද පැවසීය.

”කුරුණෑගල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට වල් අලි ප්‍රශ්නයක් තියෙනවා. වල් අලි 600 ක් විතර අපේ ප්‍රදේශවලට ඇවිත් ඉන්නවා. මේ අලින්ව ඉවත්කිරීම සදහා අවශ්‍ය මුදල් මේ වෙනකොට මට රජයෙන් ලැබිලා තියෙනවා. අපි දෙසැම්බර් මාසය වෙනකොට මේ අලින්ව ඉවත් කරන්න ඕනෑ. නිකවැරටිය, ගල්ගමුව, යාපහුව කියන ආසන තුන අද වෙනකොට වල්අලින්ගේ රජදහනක් වෙලා තියෙනවා. මේ අයව ඉවත්කරලා වෙනත් ප්‍ර‍දේශයකට ගිහින් දාන්න එක වල් අලියෙක්
වෙනුවෙන් ලක්ෂ තුනහමාර ගාණේ මට දීලා තියෙනවා. වන ජීවි දපාර්තමේන්තුව සහ වන ජීවි අමාත්‍යතුමා එක්ක එකතුවෙලා මේ වැඩකටයුතු ටික ඉක්මනින්ම කරගෙන යන්න මම බලාපොරොත්තු වෙනවා. වයඹ සංවර්ධන කියලා අමාත්‍යංශයක් අලුතින්ම හැදුවේ පහුගිය කාලේ අපිට තිබුණු මේ වගේ ප්‍රශ්න විසදුණේ නැති නිසයි.” යැයි පැවසීය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article