(10.46am) ගම්වැදුන වල් අලියෙකුගේ ප්රහාරයකින් මහකුඹුක්කඩවල කාකුපඩියාව ලීකොළවැව විසු ගොවි මහතෙකු ඊයේ ( 5 දා ) රාත්රි මිය ගොස් ඇති බව ආණමඩුව පොලිසිය කියයි.
ගතවු වසර පහක පමණ කාලයක් පටන් මහකුඹුක්කඩවල ප්රදේශයේ ජනතාව රාත්රි කාලයේ දි ගම්වදින වල් අලින්න් නිසා විවිධ ගැටළුවනට මුහුණ දෙන බව කියන අතර ප්රදේශයේ ගොවින්ගේ භව භෝග ද විනාශ වන බවත් කියති.
මේ අනවම ඊයේ ( 5දා ) රාත්රි ගම්වැදුන වල් අලින් රංචුකට මැදි වු අබේසිංහ හේරත් මුදියන්සේලාගේ සේරසිංහ ( 68) ගොවි මහතා වල් අලි ප්රහාරයෙන් බරපතල තුවාල ලබා ආණමඩුව මුලික රෝහලට ඇතුළත් කළ අවසද්ථාවේ දි මිය ගොස් ඇති බවත් කියයි. ආණමඩුව පොලිසිය පරික්ෂණ සිදු කරයි.
ඔගස්ටින් ප්රනාන්දු