Saturday, January 18, 2025

වයඹ සමුපාකර සහ සතොස තුළ අත්‍යඅවශ්‍ය ආහාර වල හිගයක් ?

Must read

03
(5.00pm) ඊයේ ( 23) වයඹ පළාත් ආණ්ඩුකාර ඒ.ජේ.එම්.මුසම්මිල් මහතාගේ ප්‍රධානත්වයෙන් කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී  හදිසි රැස්වීමක් පැවැත්වී ඇතග මේ සදහා   වයඹ පළාත් ප්‍රධාන ලේකම්වරයා ඇතුළු වයඹ පළාතේ සියළුම උසස් රාජ්‍ය නිලධාරීන් , සමූපකාර සංගම් නියෝජිතවරුන් , පළාත් පාලන ආයතන ප්‍රධානීන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වී ඇත. එම රැස්වීමට වයඹ පළාතේ  සමූපකාර සංගම් නියෝජිතවරු ද සහභාගී වී තිබේ.
මෙහිදී ඇතිවී තිබෙන හදිසි තත්ත්වයේදී  වයඹ පළාතේ ජනතාවට බෙදා හැරීමට සහල්, පරිප්පු, සැමන්, පිටි ඇතුළු අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිසිවක් වයඹ පළාතේ සමූපකාර තුළ නැති බව  වයඹ පළාතේ සමූපකාර සංගම් නියෝජිතවරු ප්‍රකාශ කර තිබේ. මේ සම්බන්ධයෙන් පළකර ඇති ලංකාදීප පුවත්පතේ වාර්තාවකට අනුව මෙහිදී ජාතික සමූපකාර මණ්ඩලයේ සභාපති සහ වයඹ පාරිභෝගික සංගමයේ සභාපති සරත් වීරසිරි මහතා ප්‍රකාහ කර ඇත්තේ  මෙම අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සියල්ලම බෙදා හැරීමේ බල අධිකාරිය මේවනවිට සතොස ආයතනය වෙත පවරා දී තිබීම  හේතුකොට සමූපකාර සමිති වලට මේවා කිසිවක් නොලැබෙන බවය.
අද වන විට සතොස සහ සමූපාකාර යන දෙකේම රටලූනු , සෝයා,  පරිප්පු , සැමන් වැනි අත්‍යඅවශ්‍ය ආහාර වල දැඩී හිගයක්  ඇතිවූ තිබුණ  බව ආණමඩුව සහ පුත්තලම ප්‍රෙද්ශ වලින් වාර්තා වේ. බොහෝ ස්ථාන වල පෝලිම් ගැසී සිටි ජනතාවට අවශ්‍ය ආහාර නැතිව පැය ගණනකට පසු ආපසු හැරි යාමට සිදූවූ බවද වාර්තා වේ.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article