Tuesday, December 3, 2024

වයඹ සංචාරක කර්මාන්තය නැංවිමට නොවැම්බර් 10 සිට ආහාර ප්‍රදර්ශනයක්

Must read

වයඹ පළාතේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරිමේ අරමුණින්, වයඹ පළාත් ආහාර ප්‍රදර්ශනය ( Food Festival) නොවැම්බර් 10,11,12 කුරුණෑගල වැවරවුම ආශ්‍රිතව පැවැත් වීමට නියමිතය.

වයඹ පළාත් ආණ්ඩුකාර ලක්ෂමන් යාපා අබේවර්ධන මහතාගේ සංකල්පයකට අනුව මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.

“ලෝකයේ වටේම රසමුසු ආහාර” යන තේමාව ඔස්සේ මෙම ආහාර ප්‍රදර්ශනය පැවැත් වේ. විවිධ ආහාර වර්ග අත්කම් භාණ්ඩ හා වයඹ පළාතේ විවිධ නිෂ්පාදන සහිත කුටි වලින් මෙම ප්‍රදර්ශනය සමන්විත ය.

විවිධ පරිසර පද්ධති රැසක් හා සම්ප්‍රදායික කර්මාන්ත, ආගමිතක හා අතීත උරුමයන් තුළින් ගොඩ නැගෙන සංස්කෘතියකින් පොහොසත් වයඹ පළාත සංචාරක ආකර්ෂණයට ලක්කළ හැකි විභවතායකින් පවතින පළාතක් වශයෙන් හදුනා දිමට හැකි බව වයඹ පළාත් ආණ්ඩුකාර ලක්ෂමන් යාපා අබේවර්ධන මහතා ප්‍රකාශ කරයි.

ආණ්ඩුකාරවරයා මේ බව සඳහන් කළේ, අද(06) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දි නොවැම්බර් 10 සිට ආරම්භ වන වයඹ පළාත් ආහාර ප්‍රදර්ශනය පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවට එක්වෙමිනි.

තවදුරටත් අදහස් දැක්වු වයඹ පළාත් ආණ්ඩුකාර ලක්ෂමන් යාපා අබේවර්ධන මහතා , මෙම ප්‍රදර්ශනය පැවැත්විමෙන් දේශිය හා විදේශීය සංචාරකයින් ආකර්ෂණය කර ගැනීමටත්, එමගින් වයඹ පළාතේ සංචාරක කර්මාන්තය දියුණු කර ගැනිමටත් අපේක්ෂා කරන බවය.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article