Saturday, January 18, 2025

වයඹ මහ ඇමැති මඩට බහී !

Must read

වයඹ පළාත් සමූපකාර වප් මගුල් උත්සවය අද (23 දා) උදෑසන ඉබ්බාගමුව, මානපාය වෙල්යායේදී පැවැත්විණි.

මෙම වප්මගුල් උළෙලේ ප‍්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වී සිටියේ වයඹ පළාත් ප‍්‍රධාන අමාත්‍ය ධර්මසිරි දසනායක මහතාය.

ඉපැරණි චාරිත‍්‍ර වාරිත‍්‍රවලට මුල්තැන දෙමින් පැවැති මෙම වප් මගුල් උත්සවයේදී වයඹ ප‍්‍රධාන අමාත්‍යවරයාද මීහරක් බානක් යොදාගනිමින් කුඹුරු සීසෑමට එක් විය. ධර්මසිරි දසනායක මහතා වයඹ ප‍්‍රධාන අමාත්‍යධුරයට පත්වීමෙන් පසුව වප්මගුල් උත්සවයකට එක් වූ පළමු අවස්ථාව මෙය වීමද විශේෂත්වයකි. සීසෑම නිමා කර කුඹරෙන් ගොඩට පැමිණි ප‍්‍රධාන අමාත්‍යවරයා ඇතුඵ ගොවීන්ට සාම්ප‍්‍රදායික ‘ඇඹුලක’ රසවිදීමටද අවස්ථාවද මෙහිදී උදා විය.

වයඹ පළාත් සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ මෙහෙයවීමෙන් සීමාසහිත හිරියාල විවිධ සේවා සමූපකාර සමිතිය විසින් මෙම වප් මගුල් උත්සවය සංවිධානය කර තිබිණි.

වප් මගුල් උත්සවය සදහා හිරියාල එක්සත් ජාතික පක්ෂ ප‍්‍රධාන සංවිධායක ජගත් යාපා, කුරුණෑගල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රි සාලින්ද දිසානායක මහතා ඇතුඵ මැති ඇමැතිවරුන් පිරිසක් සහ වයඹ පළාත් සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ සහ හිරියාල විවිධ සේවා සමූපකාර සමිතියේ නිලධාරීන් පිරිසක්ද සහභාගි වී සිටියහ.

wap_magula3 wap_magula2 wap_magula1 wap_magula5 wap_magula4 wap_magula6 wap_magula7 wap_magula8

 

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article