පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස තේරී පත් වී සිටින වයඹ පළාත් සභාවේ මැති ඇමැතිවරුන් කිහිපදෙනෙකු මේ වන විට පැවැත්වෙමින් තිබෙන වයඹ පළාත් සභා රැස්වීමට සහභාගී වී සිටිති.
පළාත් කෘෂිකර්ම අමාත්‍ය සනත් නිශාන්ත පෙරේරා , විපක්ෂනායක ජේ. සී . අලවතුවල , වයඹ පළාත් සභා මන්ත්‍රීවරුන් වන , හෙක්ටර් අප්පුහාමි, තුෂාර ඉදුනිල් සහ අශෝක ප්‍රියන්ත යන මහත්වරුන් පළාත් සභා රැස්වීමට සහභාගී වී සිටින අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස තවමත් දිවුරුම් දී නැති නිසා පළාත් සභාවේ සභාපතිවරයාගේ අවසරය මත සභා රැස්වීමට සහභාගී වූ බව ඔවුහු කීහ.
තුෂාර ඉදුනිල් මහතා දුඹුරු පැහැති කමිසයක් හැදගෙන පළාත් සභා රැස්වීමට පැමිණ සිටින අතර ඒ පිළිබදව සමාව අයදිමින් කතා කළ ඒ මහතා තමන්ට සභා රැස්වීමට සහභාගිවීමට අවස්ථාවක් ලැබේ යැයි නොසිතූ බැවින් එවැනි ඇදුමක් ඇදගෙන පැමිණි බවද කීය.
මන්ත්‍රීවරුන්ගේ ප්‍රකාශ සහ මන්ත්‍රීවරුන්ගේ පුද්ගලික කරුණු දැක්වීම් යටතේ කතා කළ ඔවුහු තමන්ට පළාත් සභාවේ කටයුතු කළ කාලය තුළ දැක් වූ සහයෝගය පිළිබදව සභාපතිවරයාට, මන්ත්‍රීවරුන්ට, රාජ්‍ය නිලධාරීන්ට මෙන්ම මාධ්‍යවේදීන්ටද ස්තූතිය පළකළහ.
වයඹ ප්‍රධාන අමාත්‍ය දයාසිරි ජයසේකර සහ විපක්ෂ මන්ත්‍රී ශාන්ත අබේසේකර යන මහත්වරුන්ද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස තේරී පත් වී සිටින නමුත් ඔවුහු පළාත් සභා රැස්වීමට සහභාගී වී නැත.