Saturday, January 18, 2025

වයඹ, පුත්තලම් දිසාවටත් ගං වතුරෙන් දැඩි පීඩා

Must read

Wayamba today news.

නිරිත දිග බෙන්ගාල බොක්ක ප්‍රදේශයේ වර්ධනය වන ගැඹුරු පීඩන අවපාතය හේතුවෙන් ශ්‍රී ලංකාවට බලපා ඇති අධික වැසි තත්ත්වය හමුවෙි උතුර , නැගෙනහිර උතුරු මැද , සබරගමුව, මධ්‍යම, දකුණ, බස්නාහිර සහ වයඹ පළාත්වල විශාල පිරිසක් මේ වන විට අවතැන්ව ඇත.
විශේෂයෙන් වයඹ පළාතේ පුත්තලම දිස්ත්‍රික්කයේද විශාල පිරිසක් අධික වැසි තත්වය හමුවේ හටගත් ගංවතුර හේතුවෙන් පීඩාවට පත්ව ඇත.
පුත්තලම දිස්ත්‍රික්කයේ ගංවතුර තත්ත්වය පිළිබඳව කරුණු විමසා බැලීමට, පුත්තලම් දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයෙන් විමසු අවස්ථාවේදී එහි නිලධාරියෙකු අප සමඟ පැවසුවේ පුත්තලම දිස්ත්‍රික්කයේ ගංවතුරින් අවතැන් වූ පුද්ගල සංඛ්‍යාව හෝ පවුල් සංඛ්‍යාව නිසි ලෙස සංඛ්‍යාත්මකව ප්‍රකාශ කළ නොහැකි බවයි. ඔහු වැඩිදුරටත් පැවසුවේ පෙරේදා සිට ඇදහැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් අවතැන් වු පුද්ගලයින් සහ පවුල් සංඛ්‍යාව දිනෙන් දින ,මෙන්ම පැයෙන් පැය වැඩි වන බවයි. එහෙයින් ඔහු අවධාරණය කළේ එවැනි තත්ත්වයක් තුළ නිශ්චිත පුද්ගල සංඛ්‍යාවක් හෝ පවුල් සංඛ්‍යාවක් ප්‍රකාශ කළ නොහැකි බවයි.
එහිදී පුත්තලම් දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ එම නිලධාරියා අනාවරණය කළේ සමස්තයක් ලෙස ගත් කල ඊයේ දිනයේ එනම් නොවැම්බර් 26 වැනි දින ආරම්භයේ පුත්තලම් දිස්ත්‍රික්කයේ ගංවතුර තත්වය නිසා වැඩිම පිරිසක් අවතැන් වී සිටියේ සහ වැඩිම හානියක් සිදුවී තිබුනේ කල්පිටිය සහ මුන්දලම යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වලට බවයි. එලෙසම ඔහු වැඩිදුරටත් අනාවරණය කලේ අද වන විට එනම් නොවැම්බර් 27 වන දින ආරම්භයේදී එම තත්වය වෙනස් වී ඇති බවයි. ඒ අනුව ඔහු පෙන්වා දෙන්නේ කල්පිටිය සහ මුන්දලම යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වලට අමතරව මේ වන විට පුත්තලම දිස්ත්‍රික්කයේ නාත්තන්ඩිය සහ වෙන්නප්පුව යන ප්‍රාදේශී ලේකම් කොට්ඨාශ වලින්ද ගං වතුරට අවතැන් වූ පිරිස සහ ගංවතුරට සිදුවූ හානි පිළිබඳව වැඩි වශයෙන් වාර්තා වන බවයි. ඒ අනුව ඔහු වැඩිදුරටත් අවධාරණය කරන්නේ පුත්තලම දිස්ත්‍රික්කයේ ගංවතුර තත්ත්වය තුළ වැඩිම අවතැන් වූ පුද්ගලයින්ගේ සංඛ්‍යාව මෙන්ම වැඩිම ගංවතුර හානි වාර්තා වන්නේ මුන්දලම ,කල්පිටිය, නාත්තන්ඩිය සහ වෙන්නප්පුව යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වලින් බවයි

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article