Saturday, November 23, 2024

“වයඹ පළාත් සංවර්ධන අරමුදල” ගැන විධිමත් පරීක්ෂණයක් අවශ්‍යයයි – ලංකා විදුහල්පති සංගමය

Must read

p8-1

වයඹ පළාතේ හිටපු ආණ්ඩුකාරවරයා විසින් ආරම්භ කරන ලද “වයඹ පළාත් සංවර්ධන අරමුදල” සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදු කරන ලෙස ලංකා විදුහල්පති සංගමය වයඹ පළාත් විගණන අධ්‍යක්ෂකවරයා වෙත ලිපියක් යවමින් ඉල්ලා ඇත.

ලංකා විදුහල්පති සංගමයේ ලේකම් පියසිරි ප්‍රනාන්දු මහතාගේ අත්සනින් යුතුව යවා ඇති එම ලිපියේ මෙසේද සදහන් වේ.

“වයඹ පළාත් සභාවේ කිසිදු අනුමැතියකින් තොරව 2019 වර්ෂයේ මුල් කාර්තුවේදී වයඹ පළාත් ආණ්ඩුකාරවරයා විසින් “වයඹ පළාත් සංවර්ධන අරමුදල” ආරම්භ කර ඇත.වයඹ පළාතේ පාසල් සිසුන්ගේ ගුණාත්මක සහ ප්‍රමාණාත්මක සංවර්ධනයක් ඇති කිරීම,සිසුන්ගේ සැගවුණු කුසලතා හදුනා ගෙන ඒවා වර්ධනය කිරීම සහාය වීම සහ දිළිදු සිසුන්ගේ අධ්‍යාපනයට මුල්‍යාධාර ලබා දීම එම අරමුදලේ අරමුණ බව පළාත් ආණ්ඩුකාරවරයා සදහන් කරන ලදි.

මෙම අරමුදල තර කිරීම සදහා අවශ්‍ය මුදල් එකතු කිරීම වයඹ පළාත් ආණ්ඩුකාරවරයාගේ උපදෙස් මත පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ආරම්භ කරන ලදි.ඒ අනුව පළාත් පාසල් වලට කිසිදු දැණුම් දීමකින් තොරව අලවිය සදහා අභ්‍යාස පොත් ලබා දීමක් සිදු විය.මෙම අභ්‍යාස පොත් පාසල් දරුවන්ට අලවි කිරීම විදුහල්පතිවරුන් විසින් සිදු කළ යුතුව තිබුණි.අගෝස්තු පාසල් නිවාඩුව ආරම්භ වන්නට දින කීපයකට පෙර පාසල් වලට මෙම අභ්‍යාස පොත් ලබා දීම සිදු විය.

ජුඩ් සමන්ත.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article