Saturday, November 23, 2024

වයඹ පළාත් පරිසර අධිකාරිය සුදු අලියෙක් විතරයි – වයඹ හඬ පරිසර සංවිධානය

Must read

01(16)වයඹ පළාත් පරිසර අධිකාරියෙන් තම පළාතට කිසිදු සේවාවක් සිදු  නොවන බව වයඹ හඩ පරිසර සංවිධානය සදහන් කරයි. හලාවත – ආරච්චිකට්ටුවේදී  පැවති මාධ්‍ය හමුවකදී ඔවුන් මේ බව කියා සිටියේය. මෙහිදී අදහස් දැක්වූ වයඹ හඩ පරිසර සංවිධානයේ කැදවුම්කරු අජිත් ගිහාන් මහතා මෙසේ පැවසීය.

අපේ රටේ වැඩිම පරිසර සංවිධාන පිහිටුවා තිබෙන්නේ වයඹ පළාත තුළ.ඊට හේතුව වී තිබෙන්නේ රට තුළ වැඩිම පරිසර හානියක් සිද්ධ වන්නේ වයඹ පළාත තුළ වීම නිසායි.පසුගිය දින කීපය ගත්තොත් වයඹ පළාතේ විශේෂයෙන්ම පුත්තලම දිස්ත්‍රික්කය තුළ දැවැන්ත පරිසර හානි කීයක් නම් සිද්ධ වෙලා තියනවාද?නමුත් වයඹ පළාත් පරිසර අධිකාරිය මේ සම්බන්ධයෙන් වචනයක් වත් තවම කථා කරලා නැහැ.

එම විනාශයන් සම්බන්ධයෙන් කිසිදු ක්‍රියා මාර්ගයක් අරගෙන නැහැ.එහෙම නම් මොකටද වයඹ පළාතට පරිසර අධිකාරියක්.කරලා තියෙන්නේ එතන ඉන්න නිලධාරීට වැටුප් ගෙවන එක විතරයි.

118820545_1270311003332025_5905120376855808005_n
වයඹ හඩ පරිසරය සුරැකීමේ සංවිධානය

මේ පවතින තත්ත්වයට පැවසිය හැක්කේ වයඹ පළාත තුළ සිදු වන සියළුම පරිසර හානි වලට වයඹ පළාත් පරිසර අධිකාරිය වග කිව යුතුයි කියන එකයි.අපි රජයට කියන්නේ වහාම වයඹ පළාත් පරිසර අධිකාරිය විසුරුවා හරින්න.එතන සේවය කරන නිලධාරීන්ව වෙනත් තැන් වලට අනියුක්ත කරන්න.මොකද වැඩක් නැති තැනක නිලධාරීන් තියාගෙන රජයෙන් වැටුප් ගෙවලා වැඩක් නැහැනේ.01 (2)(2)

 

මෙහිදී අදහස් දැක්වූ වයඹ පළාත් පරිසර සංවිධානයේ භාණ්ඩාගාරික ඩබ්ලිව්.පී.යසපාල මහතා මෙසේ පැවසීය.

පරිසර අධිකාරියක් පළාතක් තුළ ස්ථාපනය කරලා තියනවා නම් ඒ වයඹ පළාතේ පමණයි.වයඹ පළාත් සභාවට ඉදිරිපත් කර ඇති ප්‍රඥප්තියකින් තමයි වයඹ පළාත් පරිසර අධිකාරිය පිහිටුවා තිබෙන්නේ.එම ප්‍රඥප්තිය ඉදිරිපත් කර තිබෙන්නේ හිටපු ප්‍රධාන ඇමතිවරයෙකු වන ගාමිණී ජයවික්‍රම පෙරේරා මහත්තයා විසින්.නමුත් ඒ ප්‍රඥප්තිය පාර්ලිමේන්තුවේ අනුමත වෙලා නැහැ. පාර්ලිමේන්තුවේ සම්මත නොවූ ප්‍රඥප්තියකින් ආයතනයක් පවත්වා ගෙන යන්න බැහැ.

අනිත් කාරණය පළාත තුළ සිදු වන හානි වලට සෘජුවම කටයුතු කරන්න බැරි නම් එහෙම අධිකාරියක් තිබිලා වැඩකුත් නැහැ.

පුත්තලම දිස්ත්‍රික්කය තුළ වැලි කැපීම්,කැලෑ කැපීම්,කඩොලාන වලට හානි සිදු කිරීම් ඇතුළු හානි විශාල ප්‍රමාණයක් සිදු වනවා.ඒ වගේම ජනතාවට හානි කරන කර්මාන්ත ශාලා බිහි වනවා.මේ කිසිදු කාරණයකට එරෙහිව වයඹ පළාත් පරිසර අධිකාරිය මේ වන තුරු කටයුතු කර නැහැ.බිංගිරිය ප්‍රදේශයේ පවත්වා ගෙන යන බැටරි කර්මාන්ත ශාලාවක් සම්බන්ධයෙන් අපි අවස්ථා ගනනාවකදී වයඹ පළාත් පරිසර අධිකාරියට දැණුම් දී තිබෙනවා.නමුත් මේ වන තුරු කිසිදු ක්‍රියා මාර්ගයක් අරගෙන නැහැ.එහෙම නම් මොකටද ඒ වාගේ ආයතනයක් ජනතා මුදලින් නඩත්තු කරන්නේ කියන එකයි අපි අහන්නේ.

මෙම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ වයඹ හඩ පරිසර සංවිධානයේ සභාපති පුජ්‍ය විල්පත පේමානන්ද හිමියන් මෙසේ පැවසීය.

පසුගිය දින වල ප්‍රදේශයේ සිදුවී ඇති එකම පරිසර හානියකටවත් එරෙහිව වයඹ පළාත් පරිසර අධිකාරිය කථා කරලා නැහැ.පරිසර සංවිධාන තමයි ඒ කටයුතු වලදී මැදිහත් වෙලා ජනතාව වෙනුවෙන් කටයුතු කළේ.එහෙම තත්ත්වයක් මත වයඹ පළාතට  පරිසර අධිකාරියක් මොකටද?.වැඩක් නැති ආයතනයකින් රජයටවත් මහජනතාවටවත් වැඩක් නැහැ.ඒ නිසා අපි කියන්නේ වයඹ පළාත් පරිසර අධිකාරිය කියන්නේ නිකම්ම නිකම් සුදු අලියෙක් කියන එක විතරයි.

ජූඩ් සමන්ත.

 

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article