Saturday, November 23, 2024

වයඹ ටුඩේ පුවත පළදරයි. කුරුණෑගල කාණුවලින් අසූචි ඉවත්වෙයි.

Must read

කුරුණෑගල පොදු වෙළදපොළ භූමියෙහි පිහිටි පොදු වැසිකිළියෙන් බැහැර කෙරෙන මිනිස් අසූචි නගරයේ ප‍්‍රධාන කාණු පද්ධතිය වෙත මුදාහරිමින් පවතින අයුරු වයඹ ටුඩේ වෙබ් අඩවිය ඔස්සේ අනාවරණය කිරීමත් සමග වහාම ක්‍රියාත්මක වූ කුරුණෑගල මහනගර සභාවේ බලධාරීන් විසින් අදාළ මල නල මාර්ගය පිළිසකර කරනු ලැබ තිබේ.

මෙම පොදු වැසිකිළියෙහි මලප‍්‍රවාහන නල අබලන්වීම නිසා එම වැසිකිළියෙන් ඉවතට ගලන මිනිස් අසූචි නගරයේ ප‍්‍රධාන කාණු පද්ධතිය වෙත මුදාහරිමින් ඇති අයුරු ‘‘කුරුණෑගල කාණු දිගේ අසූචි ඉතිරේ. ‘‘යන ශීර්ෂයෙන් යුතුව පසුගිය 16 වැනිදා ඡායාරූප සහිතවම වයඹ ටුඩේ වෙබ් අඩවිය ඔස්සේ අනාවරණය කෙරිණි.

කුරුණෑගල මහනගර සභාවේ බලධාරීන්ගේ මැදිහත්වීමෙන් අදාල මලප‍්‍රවාහන නල මාර්ග පිළිසකර කරවීම නිසා නගරයේ ප‍්‍රධාන කාණු පද්ධතිය වෙත අසූචි එකතුවීම මේ වන විට නැවතී තිබේ. අදාල කාණු පද්ධතියේ තිබූ අසූචිද මේ වන විට ඉවත් කර ඇති අතර කාණු පිරිසිදු තත්වයෙන් පවතින අයුරු දැකගත හැකිය.

වරද පෙන්වා දුන් විට වහා ක්‍රියාත්මක වී එය නිවැරදි කිරීම වෙනුවෙන් තම කාලය සහ ශ්‍රමය කැපකළ කුරුණෑගල මහනගර සභාවේ ඉහළ සහ පහළ නිල බලධාරීන් සියලු දෙනාගේ සේවය අගය කරමින් ඒ සියලුදෙනා වෙත වයඹ ටුඩේ වෙබ් අඩවිය සිය ස්තුතිය පළකර සිටී.

toilets_repear_4 toilets_repear_3 toilets_repear_1 toilets_repear_2

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article