අභිනව ජාතික රජයේ නව කැබිනට් අමාත්‍යවරුන් ලෙස පසුගියදා දිවුරුම් දෙනු ලැබූ බොහෝ දෙනෙකු අද උදෑසන සිය ධූරයන්හි රාජකාරී කටයුතු ආරම්භ කළහ.
ඒ අනුව කුරුණෑගල දිස්ත්‍රික්කය නියෝජනය කරන ඇමැතිවරුන්ද කොළඹ පිහිටි සිය අමාත්යංශයන්වලදී සුබමොහොතින් රාජකාරී කටයුතු ආරම්භ කරනු ලැබූහ.
තිරසාර සංවර්ධනය සහ වනජීවි අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා බත්තරමුල්ල සෙත්සිරිපාය පරිශ්‍රයේ පිහිටි එම අමාත්යංශයේදීත්, අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා බත්තරමුල්ල ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යංශ සංකීර්ණය ඉදිරිපිට පිහිටි කන්නංගර පිළිරුව වෙත උපහාර දක්වමිනුත් , ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ටොරින්ටන්හි පිහිටි ක්‍රීඩා අමාත්යංශයේදීත් , අභ්‍යන්තර කටයුතු වයඹ සංවර්ධන හා සංස්කෘතික අමාත්‍ය එස් බී නාවින්න මහතා සංස්කෘතික අමාත්‍යාංශයේදීත් සිය රාජකාරී කටයුතු ආරම්භ කළ අයුරු පහත දැක්වෙයි.