Sunday, January 19, 2025

‘වයඹ ආණ්ඩුකාරවරයා මුසම්මිල් ඡායාවක් පමණයි, වැඩ කෙරෙන්නේ ජොන්ස්ටන්ට ඕනෑ විදිහට’

Must read

musamil(3.23pm) අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ පොහොට්ටු කන්ඩායම් වයඹ පළාත තුළ මුස්ලිම් විරෝධයක් ඇති කිරීමට පාස්කු ප්‍රහාරයෙන් පසු කටයුතු කළ බවත් එය ජනාධිපතිවරණය සදහා පාවිච්චි කළ අතර  ඒම දේශපාලන ගැට වලට හසුවී කඩාකප්පල්කාරී ක්‍රියාවන් වලට සහභාගී වූ පුද්ගලයන් තවමත් උසාවි ,පොලීසි ගානේ රස්තියාදු වන බවත් අද පෙරවරුවේදී හිටපු වයඹ පළාත්සභා මන්ත්‍රී චිත්‍රාල් ප්‍රනාන්දු මහතා පැවසීය. ඔහු මේ බව සදහන් කළේ විපක්ෂනායක කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවේදීය. චිත්‍රාල් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ ජනාධිපතිවරණය වෙනුවෙන් වයඹ පළාත තුළ වෛද්‍ය සාෆිගේ සිදුවීමේ සිට සිදුකළ බොරු, මුස්ලිම් විරෝධී කුමන්ත්‍රණය අද ජනතාව ඉදිරියේම එළිවී ඇති බවයි.
සිංහල කාන්තාවන් වද කිරීමට උත්සාහ කළායැයි චෝදනා ලැබූ මුස්ලිම් වෛද්‍යවරයා අද රෝහලේ වැඩ භාරගෙන ඇති අතර එදා ඔහුට එරෙහිව තිබූ මහජන විරෝධතා නිකම්ම පුස්සක් වි ඇති බවත් එමෙන්ම වර්තමාන රජය යටතේ වයඹ පළාතේ ආන්ඩුකාරවරයා ලෙස මුස්ලිම් ජාතිකයෙකු පත්කර ඇති අතර යහපාලන රජය කාලේ එසේ වූවානම් එයද වැරැද්දක් ලෙස හුවාදක්වමින් ජනතාව උසිගැන්වීමට පොහොට්ටු සාමාජිකයින් උත්සාහා දරන බවත් ඔහු පවසයි. මේ වනවිට ආනඩුකාරධූරයේ සිටින මුස්ම්මිල් මහතාගේ කාර්යාලයේ සියළුම වැඩකටයුතු පාලනය කරන්නේ ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයාට අවශ්‍ය ලෙස පමණක් බවත් මුසම්මිල් මහතා අතකොලුවක් පමණක් බවත්  චිත්‍රාල් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා ප්‍රකාශ කරන ලදී.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article