වයඹ පළාත් ආණ්ඩුකාර අමරා පියසීලී රත්නායක මහත්මියට එරෙහිව වයඹ පළාත් සභාවේ ආණ්ඩු පක්ෂය විසින් ඉදිරිපත් කර තිබූ දෝෂාභියෝගය අද (22 දා ) පැවැති වයඹ පළාත් සභා රැස්වීමේදී ආණ්ඩු පක්ෂය විසින්ම ඉල්ලා අස්කරගනු ලැබීය.
වයඹ පළාත් සභාවේ සභාපති නියෝජ්‍ය සභාපති ටිකිරි අධිකාරී මහතාගේ ප්‍රධානත්වයෙන් වයඹ පළාත් සභා සංකීර්ණයේ පිහිටි ‘සශ්රී’ ශාලාවේදී අද පෙරවරු 9.30 ට පමණ වයඹ පළාත් සභාව රැස්විණි.
ඊයේ පළාත් සභා රැස්වීමේ අමාත්‍යවරුන්ගේ ප්‍රකාශ අවස්ථාවේදී නැගී සිටි කෘෂිකර්ම, ධීවර, ඉඩම්, සත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය , වාර්මාර්ග සහ ගොවිජන සේවා පළාත් අමාත්‍ය සුමල් තිසේරා මහතා විසින් ආණ්ඩුකාරවරිය ධූරයෙන් පහකරන ලෙසට ආණ්ඩු පක්ෂය විසින් ඉදිරිපත්කර ඇති දෝෂාභියෝග චෝදනාව අද දින ඉල්ලා අස්කරගන්නා බව පැවසීය. අමාත්‍යවරයාගේ ප්‍රකාශයත් සමග වයඹ පළාත් සභාවේ විපක්ෂය නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් සිය මේසවලට තට්ටුකරමින් සතුට පළකරනු පෙණිනි.
වයඹ පළාත් ආණ්ඩුකාර අමරා පියසීලී රත්නායක මහත්මිය එම තනතුරෙන් ඉවත් කළ යුතු බවට වූ යෝජනාවක් එවකට වයඹ පළාත් සභාවේ සභානායක ධූරය දැරූ සුමල් තිසේරා මහතා විසින්ම 2015 ජූනි මස 03 වැනි දින පැවැති පළාත් සභා රැස්වීමට ඉදිරිපත් කරනු ලැබීය. එතැන් සිට යෝජනා අංක 6/2015/54 යටතේ මාස 4 කට ආසන්න කාලයක් වයඹ පළාත් සභා රැස්වීම් න්‍යාය පත්‍රයට ඇතුළත් වී තිබූ මෙම යෝජනාව එම කාලය තුළදි කිසිම අවස්ථාවක විවාදයට නොගැනීම විශේෂත්වයක් විය.
මේ පිළිබදව අමාත්‍ය සුමල් තිසේරා මහතාගෙන් කළ විමසීමකදී හෙතෙම පැවසුවේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ගේද අනුමැතිය ඇතිව ආණ්ඩුකාරවරියට එරෙහි දෝෂාභියෝග චෝදනාව ඉල්ලා අස්කරගැනීම සදහා වයඹ පළාත් සභාවට අඵතින් පත් වූ අමාත්‍ය මණ්ඩලය විසින් පොදු එකගතාවයකට පැමිණි බවයි. ජාතික දේශපාලනය තුළ ප්‍රධාන පක්ෂ දෙක එක්ව සම්මුතිවාදී ආණ්ඩු සංකල්පයකට එළැඹ සිටින මේ මොහොතේ පළාත් සභාව තුළ අනවශ්‍ය ගැටුම් ඇතිකරගැනීමකින් තොරව කටයුතුකිරීමට තමන් ඇතුඵ නව අමාත්‍යවරුන් බලාපොරොත්තු වන බවද හෙතෙම වැඩිදුරටත් කීය.