Saturday, September 21, 2024

වනාතවිල්ලුවේ තවත් ගස්කැපූ අට දෙනෙකු අත්අඩංගුවට

Must read

 118700824_4576789932361265_5909465706708619075_o
( 06.15 PM) වනාතවිල්ලුව එළුවන්කුලම වනාන්තරයේ අක්කර 100 ක පමණ භුමියක් එළි පෙහෙළි කර ගිණි තැබිමට සම්බන්ධ පුද්ගලයන් අට දෙනෙකු මේ වන විට අත් අඩංගුවට ගෙන ඇති බව වනාතවිල්ලුව පොලිසිය කියයි. වනාතවිල්ලුව එළුවන්කුලම ප්‍රදේශයේ පදිංචි මොවුන් ‍ගෙන් පස් දෙනෙකු මෙයට කලින් අත් අඩංගුව‍ට ගෙන පුත්තලම අධිකරණය හමුවට ඉදිරිපත් කර මේ මස 15 වන දින දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කර ඇති බවත් , සෙසු සැකකරුවන් සිදු කළ පරික්ෂණ අනුව ඊයේ ( 9 දා ) අත් අඩංගුවට ගත් බවත් ඔවුන් පුත්තලම අධිකරණය හමුවට ඉදිරිපත් කිරිමට නියමව ඇති බවත් පොලීසිය පවසයි. මෙම ඉඩම ශ්‍රී ලංකා සිමෙන්ති සංස්ථාවට බදු පදනම මත ලබා දි තිබු බවත් එහි සභාපති නිතිඥ ගාමිණි ඒකනායක මහතා විසින් වනාතවිල්ලුව පොලිසිය වෙත කර ඇති පැමිණිල්ලක් අනුව එම ඉඩමට නිති විරෝධි ලෙසින් ඇතුළු වි එහි තිබු වෘක්ෂයන්ට අනර්ථයක් සිදු කිරිමේ චෝදනාව මත සැකකරුවන් අත් අඩංගුවට ගෙන තිබුණි. වනාතවිල්ලුව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂඛ එල්.පී.එන්. පතිරත්න මහතාගේ උපදෙසින් තවදුරටත් පරික්ෂණ සිදු කෙරේ.

 ඔගස්ටින් ප්‍රනාන්දු.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article