(3.07PM)වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කුරටියාමොට්ටේ ප්‍රදේශයේ ඇති අක්කර 100ක පමණ වටිනා ගස් සහිත භූමියක් කපා ගිණි තබා විනාශ කර ඇති බව ” වයඹ හඬ” පරිසර සංවිධානය විසින් පසුගියදා හෙළදරව් කරන ලදී. එම ස්ථානයට ගොස් පරීක්ෂා කර බලා මෙම සිදුකර ඇති විශාල වන විනාශයට ප්‍රදේශයේ දේශපාලන බලවතුන්ගේ ගෝලබාලයින් වගකිවයුතු බවත් එම සංවිධානයේ සභාපති විල්පොත ප්‍රේමානන්ද හිමියන් ප්‍රකාශ කරන ලදී. වනාත විල්ලුව යනු විශාල වශයෙන් නීතිවිරෝධී දැව ඡාවාරම් සිදුවන ප්‍රෙද්ශයකි.
මේ ආකාරයට ගස් කපා විනාශ කර ඇති භූමිය ඉන්සි නැමැති තායිලන්ත කොම්පැණියකට බදු ගිවිසුමක් මත හුණුගල් කැණීම සදහා ලබාදී ඇති භූමියක් වන අතර එය අක්කර 5000කටත් වඩා ප්‍රමාණයකින් යුත් භූමියකි. මෙම කොම්පැණිය විසින් සිමෙන්ති නිෂ්පාදනය සදහා අවශය හුණුගල් සැපයීම එම භූමිය තුළ කැණීම් සිදුකරමින් සිදුකරන බව වාර්තා වේ. මේ කපා ඇති වනාන්තර භූමියද මෙම කොම්පැණියට ලබාදී ඇති භූමියට අයත් අක්කර 100ක පමණ ප්‍රමාණයක් වන බව වයඹ හඬ පරිසරය සුරැකීමේ සංවිධානයේ සාමාජික අජිත් ගිහාන් මහතා පවසයි. මෙම ගස්කැපීම මාසයකට ආසන්න කාලයක් තුළ සිදුකර ඇති බවට ඔවුන් අනුමාන කරන බවද ඔහු පවසයි. විනාශය කිසිසේත් අවතක්සේරු කළ නොහැකි අතර මේ සම්බන්ධයෙන් පසුගිය කාලය පුරාවටම වනාතවිල්ලුව ප්‍රාෙද්ශීය ලේකම් දැන සිටියේ නැද්ද යන ප්‍රශ්නය අප හමුවේ ඇත.
අක්කර සියයක් පමණ භූමියක ගස් කපා දමන විට වනාතවිල්ලුව ගමේ ග්‍රාමසේවක, ප්‍රාදේශීය සභාවේ පක්ෂ විපක්ෂ පාදේශීය මන්ත්‍රීවරුන්, පොලිස් ස්ථානාධිපතිවරයා, වනරක්ෂන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මෙන්ම වනාතවිල්ලුව ප්‍රදේශීය පිහිටා ඇති හමුදා ආරක්ෂක මුරපොලේ නිලධාරීන් මේ කිසිවෙකුත් මේ සිදුවීම නොදැන සිටියාද??? එය කිසිසේත් විය නොහැක්කකි. මෙම භූමියේ ගස් මුලින් ගිණි තබා පසුව කපා දමා ඇති බව පරිසරවේදීන් පවසයි.
අවුරුදු 200 ක් පමණ පැරණි ගසක් කපා දමා ඇති ආකාරය ඡායාරූප ගතකර තිබෙන අතර මෙවැනි ගස් කැපීමට ගිය පුද්ගලයින් ගැන මෙම වනාතවිල්ලුව ගම්වාසින් දැන නොසිටියා විය නොහැකිය. එම ගස් ප්‍රවාහනය කරන විට ආරක්ෂක ස්ථාන වල සිටින හමුදාව හා පොලීසි නිලධාරීන්ට හොරෙන් මේවා ගෙන යා හැකිව තිබුණාද ? අරුවක්කාලුවට කුණු ප්‍රවාහනය කරන දුම්රිය මාර්ගය දිවෙන්නේ මේ භූමිය හරහා වන බැවින් දුම්රියේ නිලධාරීන්ද මෙය නොදැක්කා විය නොහැකි බවද අනුමාන කළ හැක. එමෙන්ම අරුවක්කාඩුවේ පරිසර ප්‍රශ්නය වෙනුවෙන් දැඩිව හඬ නැගූ ප්‍රාෙද්ශීය සභා මන්ත්‍රීවරුන්ද මෙය නොදැක්කා විය නොහැක. ඔවුන්ද මෙම විනාශය සිදුවන තෙක්ම මේ ගැන කටක් නොඇරියේ මන්ද ? මේ සියල්ලන්ගේ නිශ්ෂබ්දතාවය මෙම ක්‍රියාවට දී ඇති නිහඩ සහයෝගයක් නොවන්නේද යන සාධාරණ සැකය මෙහිදී මතුවේ. එබැවින්මෙම පරිසර විනාශයට වගකිවයුත්තන් දේශපාලන අධිකාරී බලයකින් සමන්විත පිරිසක් වන්නා සේම ඔවුන් නීතිය හමුවට ගෙන ඒමද ලේසියෙන් කළ හැක්කක් නොවන බවද කිව යුතුය.
මෙම භූමි භාගය තාවකාලිකව හෝ පුද්ගලික ආයතනයක සතු වුවත් මේ ආකාරයෙන් පරිසර විනාශයක් සිදුකිරීමට නීතියෙන් ඉඩක් තබාදී නොමැති බව පරිසරවේදී නීතිඥ ජගත් ගුණවර්ධන මහතා ප්‍රකාශ කරයි.
උපුටනය – ” මෙය රජයේ ඉඩමක් වුවත්,පුද්ගලික ඉඩමක් වුවත්,ඇතැමෙකු කියන පරිදි බලපත්‍රයකින් ලද ඉඩමක් වුවත්,ඊට ජාතික පාරිසරික පනත එකසේ අදාල වේ.
ජාතික පාරිසරික පනතේ 23ආ වගන්තිය සහ එම පනත යටතේ තිබෙන 1993.06.24 දිනැති අංක 772/22 දරන අතිවිශේශ ගැසට් පත්‍රයේ ප්‍රකාශිත නියෝගයන්හි දක්වා තිබෙන අනුමැතිය ලබාගත යුතු ව්‍යාපෘති ගොන්නට මෙවන් වනාන්තර ඉඩම් වනාන්තර නොවන කාර්‍යයන් සඳහා යොදා ගන්නා අවස්ථා ඇතුලත් වේ.ඇතැම් විට භූමියක පසුව කරන කටයුත්තක් පවා මෙලෙස අනුමැතිය ලබාගත යුතු ව්‍යාපෘතියන් වන අවස්ථාත් තිබේ.
එසේ අනුමැතිය ලබාගැනීම සඳහා ව්‍යාපෘතිය ආරම්හ කිරීමට පෙර එයට පාරිසරික බලපෑම් තක්සේරු වාර්තාවක් හෝ මූලික පාරිසරික විශ්ලේශන වාර්තාවක් සකස්කොට අනුමැතිය ලබා ගැනීමට කටයුතු කල යුතු වේ.
මේ අවස්ථාවේදී එවැන්නක් සිදුකර නොමැති නිසා මෙය මුලුමනින්ම නීති විරෝධී ක්‍රිතයාවක් බව පැහැදිලි වේ. ”
ඡායාරූප උපුටා ගැනීම – පරිසරවේදී නීතිඥ ජගත් ගුණවර්ධන මහතාගේ මුහුණු පොතින්.