Sunday, January 19, 2025

ලයිසන් නැතිව වතුර බෝතල් කළ දොස්තරට වැඩ වරදී.

Must read

water_ bottelසෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙතින් ලබා ගත් ලියාපදිංචි සහතිකයක් නොමැතිව පානීය ජලය බෝතල් කිරීමේ සහ ඇසුරුම් කිරීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන ගෙන ගිය වෛද්‍යවරයෙකුට කුරුණෑගල අතිරේක මහේස්ත‍්‍රාත් චාමර වික‍්‍රමනායක මහතා විසින් රුපියල් දස දහසක දඩයක් නියම කළේය.

මෙලෙස දඩ මුදල් නියම කෙරුණේ පන්ලියද්ද, ඕමාරගොල්ල ප‍්‍රදේශයේ බ්ලූ ස්ප‍්‍රිරිංග් මාකටින් පුද්ගලික සමාගම නමින් පානීය ජලය බෝතල් කිරීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන යන වෛද්‍ය මංගල අමරසිංහ නැමැත්තෙකුටය.

ප‍්‍රධාන ආහාර නිලධාරියා වන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙතින් ලබාගත් ලියාපදිංචි සහතිකයක් නොමැතිව පානීය ජලය බෝතල් කිරීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන ගිය බවට චෝදනා කරමින් , 1980 අංක 26 දරණ ආහාර පනතේ 32 වැනි වගන්තිය යටතේ ඇති 2005 ( බෝතල් කරන හෝ අසුරන ලද ජලය ) නියෝග 1420 /04 අනුව මැල්සිරිපුර හිටපු මහජන සෞඛ්‍ය පරීක්ෂක නිරෝෂ් ප‍්‍රියන්ත නවරත්න මහතා විසින් 2011 අගෝස්තු මස 11 වැනි දින කුරුණෑගල මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවේ මෙම නඩුව පවරා තිබිණි. වසර හතරකට වැඩි කාලයක් තිස්සේ කුරුණෑගල මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවේ විභාග වූ මෙම නඩුවට අදාලව සාක්ෂි ලබාදීම සදහා ගොකරැල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ නියෝජිතයෙකු , ශ‍්‍රී ලංකා ප‍්‍රමිති ආයතනයේ නිලධාරීන් සහ ඉබ්බාගමුව ප‍්‍රාදේශීය සභාවේ නිලධාරින්ද විටින් විට අධිකරණය හමුවේ පෙනී සිටියහ.

විත්තිකාර වෛද්‍යවරයා වෙනුවෙන් කිසිදු නීතිඥයෙකු අධිකරණය හමුවේ පෙනී නොසිටි අතර අදාල වෛද්‍යවරයා තනිවම නඩුවට පෙනී සිටිමින් විත්තිය වෙනුවෙන් සාක්ෂි මෙහෙයවාගැනීම විශේෂත්වයක් විය. බමුණාවල මහජන සෞඛ්‍ය පරීක්ෂක මංජුල අමරවික‍්‍රම සහ ඉබ්බාගමුව මහජන සෞඛ්‍ය පරීක්ෂක පුෂ්පකුමාර හෙට්ටිආරච්චි යන මහත්වරුන් විසින් පැමිණිල්ල මෙහෙයවනු ලැබූහ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article