
(ඊයේ 29) සිකුරාදා ලන්ඩන් හි පාලමක් මතදී මිනිසුන්ට පිහියෙන් ඇන පහර දුන් පුද්ගලයා ත්‍රස්තවාදී අපරාධ සම්බන්ධයෙන් වැරදිකරුවෙකු වූ හිටපු සිරකරුවෙකු බව බීබීසි වාර්තා කරයි.
28 හැවිරිදි උස්මාන් ඛාන් ලෙස පොලීසිය විසින් නම් කරන ලද මෙම ප්‍රහාරකයා 2012 දී ත්‍රස්තවාදී ක්‍රියා සම්බන්ධයෙන් දඩුවම් ලැබ පසුව බන්ධනාගාරයෙන් පිටත සිටින ලදී.
පිහි ඇනුමෙන් පිරිමියෙකු සහ කාන්තාවක් මිය ගොස් තවත් තිදෙනෙකු තුවාල ලබා තිබේ.
මෙම පුද්ගලයා පිහි ඇනීම සිදුකල පසු ඒ අසල සිටි පුරවැසියන් කීපදෙනෙකු විසින් ඔහුට පහරදී ඔහුව වැලැක්වීමට උත්සාහා කර තිබේ. පසුව ඛාන් නම් මෙම සැකකරුට නිලධාරීන් විසින් වෙඩි තබා ඝාතනය කොට තිබේ. එවැනි භයානක අවස්ථාවක ජනතාව නිර්භිතව පිහිඇනුම්කරු සමඟ පොරබැදීම නිර්භීත ක්‍රියාවක් ලෙසට සියලු දෙනා අගය කරන ක්‍රියාවක් බවට පත්ව ඇත.